Monday, December 20, 2010

කල්පිටියේ දුපත් 10ක් බදු දීමට යයි

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ, ඒ සදහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස රජය මීට පෙර නිවේදනය කළ බවය.ඊට ලබාදුන් කාලය පසුගිය 03 වෙනිදායින් අවසන් විය.

ලැබී ඇති අයදුම්පත් නිර්දේශ කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකර ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.ඔහු ප්‍රකාශ කළේ, අදාළ නිර්දේශයන් ලබන ජනවාරි මස තමන්ට ලැබීමට නියමිත බවය.

රජය විසින් කලප්ටිය ප්‍රදේශයේ පිහිටි දූපත් 10ක්  බද්දට දෙනු ලබන්නේ වසර 30 ත් 50 ත් අතර කාලයක් වෙනුවෙනි.සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා නව ව්‍යාපාර ආරම්භ කිරීම  දූපත් බදු දීමේ ප්‍රධාන අරමුණකි.

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ,  බද්දට දීමෙන් අනතුරුව වුවද දැනට එම දූපත්වල වාසය කරන පුද්ගලයින් ඉන් ඉවත් නොකරන බවය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්