Thursday, December 23, 2010

සියලුම කණ්ඩායම් වලට තවත් අභියොගයක් - සචින් එක්‌දින පිටියට යළි එයි

මාස 10 කට ආසන්න කාලයක්‌ එක්‌දින තරග පිටියෙන් ඉවත්ව සිටි සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්, දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට එක්‌ කිරීමට ඉන්දීය ක්‍රිකට්‌ තේරීම් කමිටුව තීරණය කර ඇත.

16 දෙනකුගෙන් සමන්විත ඉන්දීය කණ්‌ඩායමට ටෙන්ඩුල්කාර්ව නම් කිරීමට ආසන්නම හේතුව වී ඇත්තේ ලෝක කුසලාන තරගාවලියට පෙර නැවතත් ඔහුට එක්‌දින රිද්මය ලබා ගැනීමට අවස්‌ථාව සලසා දීම සඳහාය.

දිගු කාලයක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ රැඳී සිටීම හේතුවෙන් පසුගිය පෙබරවාරි මස දකුණු අප්‍රිකාව සමගින් පැවැති ටෙස්‌ට්‌ තරගයෙන් අනතුරුව එක්‌දින තරගවලදී විවේක ගැනීමට ටෙන්ඩුල්කාර් තීරණය කර තිබුණි. ඒ අනුව අදාළ කාල සීමාව තුළ ඔහුට අහිමි වුණු තරග සංඛ්‍යාව 22 ක්‌ වේ.

ලොව ටෙස්‌ට්‌ සහ එක්‌දින වැඩිම ලකුණු ලාභියා වන ටෙන්ඩුල්කාර් පසුගියදා දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු කණ්‌ඩායමට එරෙහිව ශතකයක්‌ රැස්‌ කරමින් ටෙස්‌ට්‌ තරග වලදී ශතක 50 ක්‌ රැස්‌ කළ ලොව පළමු පිතිකරුවා වශයෙන් ලෝක වාර්තාවක්‌ පිහිටුවීමටද සමත්වූවේය.

ඉන්දීය කණ්‌ඩායම - මහේන්ද්‍ර සිං දොaනි(නායක), විරේන්ද්‍ර ෂෙවැග්, ගෞතම් ගාම්බීර්, සචින් ටෙන්ඩුල්කාර්, විරාත් කෝලි, සුරේෂ් රයිනා, යුවරාඡ් සිං, හර්බජාන් සිං, සහීර් ඛාන්, අශීෂ් නේරා, ප්‍රවීන් කුමාර්, මුනාෆ් පටෙල්, රවිචන්ද්‍රන් අශ්වින්, යුසුෆ් පතන්, පියුෂ් චවුලා, එස්‌. ශ්‍රීෂාන්ත්.

1 comment:

කියන්න, බනින්න, ඔබේ අදහස්