Monday, December 20, 2010

ලෝක කුසලානට 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් කැදවූ බව ශ්‍රී ලංකා ආයතනය අද නිවේදනය කළේය.

තරගාවලියට සහභාගීවන අවසන් ක්‍රීඩකයින් 15 දෙනා ලබන මස 19 වෙනිදා ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නියමයකන්ට අනුව නම් කළ එම සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය හා චමින්ද වාස් ඇතුලත්ය.

මේ අතර සිරස එෆ්.එම්. සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය හරහා ජාතික සංචියට පැමිණි වේග පන්දුය්‍වන ක්‍රීඩක නුවන් ප්‍රදීප් රොෂාන්ද එම සංචිතයය නම්කර තිබේ.

30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට කුමාර් සංගක්කාර,ටී.එම්.දිල්ෂාන්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, තරංග පරණවිතාන, ලහිරු තිරිමාන්න, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, තිලිණ කණ්ඩම්බි, චාමර සිල්වා, චාමර කපුගෙදර පිතිකරුවන් ලෙස එක්ව සිටී.

ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ෆර්වීස් මහරුෆ්, ජීවන් මෙන්ඩිස්, කණ්ඩායමට එක්ව සිටිනනේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසය.

මුත්තයියා මුරලිදරන්, සුරාජ් රන්දිව්, රංගන හේරත්, මාලිංග බණ්ඩාර සහ අජන්ත මෙන්ඩිස් දග පන්දු යවන්නන් වන අතර ලසිත් මාලිංග, නුවන් කුල‍සේකර, දිල්හාර ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්, චමින්ද වාස්, චානක වෙලගෙදර, නුවන් ප්‍රදීප්, හා තිලාන් තුෂාර යන පිරිස වේග පන්දු යවන්නන් ලෙස කැදවා ඇත.

01 කුමාර් සංගක්කාර 16 ජීවන් මෙන්ඩිස්
02 මහේල ජයවර්ධන 17 මුත්තයියා මුරලිදරන්
03 ටී.එම්.දිල්ෂාන් 18 සුරාජ් රන්දිව්
04 සනත් ජයසූරිය 19 රංගන හේරත්
05 උපුල් තරංග 20 මාලිංග බණ්ඩාර
06 දිනේෂ් චන්දිමාල් 21 අජන්ත මෙන්ඩිස්
07 තරංග පරණවිතාන 22 ලසිත් මාලිංග
08 ලහිරු තිරිමාන්න 23 නුවන් කුල‍සේකර
09 තිලාන් සමරවීර 24 දිල්හාර ප්‍රනාන්දු
10 තිලිණ කණ්ඩම්බි 25 සුරංග ලක්මාල්
11 චාමර සිල්වා 26 ධම්මික ප්‍රසාද්
12 චාමර කපුගෙදර 27 චමින්ද වාස්
13 ඇන්ජලෝ මැතිව්ස් 28 චානක වෙලගෙදර
14 තිසර පෙරේරා 29 නුවන් ප්‍රදීප්
15 ෆර්වීස් මහරුෆ් 30 තිලාන් තුෂාර

4 comments:

  1. MY 15 WOULD BE 01,02,03,05,09,10,11,13,14,17,18,21,22,23,24

    ReplyDelete
  2. 27 ආවොත් හොද නැතිද ?

    ReplyDelete
  3. අපිට හිටපු හොඳම පන්දු යවන්නා ඒකෙ කිසි විවාදයක් නැහැ. නමුත් දැන් මදි. කොච්චර අත්දැකීම් තිබ්බත් අන්තිම overs දාන්න බැහැ. India, Pakistan, South Africa and Australia වල උන් වාස් ව නැති කරාවි.
    නුවන් ප්‍රදීප් ව එක පාරටම World Cup එහෙකට දාන එක ඌට(නුවන් ට) කරන ලොකු අසාධාරණයක්.

    ReplyDelete
  4. BEST 15 WOULD BE 01,02,03,05,09,12,13,14,17,18,21,22,23,25,06 BUT I THI

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්