Sunday, December 19, 2010

ශ්‍රී ලංකාව තවදුරටත් ඌන සංවර්ධිත රටක් නොවේ- ඔකොන්ජෝ

ශ්‍රී ලංකාව තවදුරටත් ඌන සංවර්ධිත රටක් නොවන බව ලෝක බැංකුවේ කලමනාකරණ අධ්‍යක්ෂිකා නගෝසි ඔකොන්ජෝ ඉවේලා මහත්මිය පැවසුවාය.

ඇය පෙන්වා දුන්නේ, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය ලබා ගැනීමට සුදුසුකම් නොලබන බවය.

එහෙත් ඒ වෙනුවට ජාත්‍යන්තර බැංකු හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 265ක සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ණය ලබා දීමට අවධානය යොමුකරන බව ඉවේලා මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය ඒ බව සදහන් කරනු ලැබුවේ, ඊයේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේදීය.ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇය පැවසුවේ, මහින්ද චින්තනයේ පෙන්වා දෙන පරිදි රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරි දැක්මක් ඇති එකක් බවය.

අනගි දර්ශනයක් වන එය යථාර්තයක් බවට පත්කර ගැනීම සදහා ලෝක බැංකුවේ සහය හිමි වන බව ලෝක බැංකු කලමනාකරණ අධ්‍යක්ෂකවරිය පැවසුවාය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්