Sunday, December 26, 2010

ලොව බිහි වූ හොදම එක්දින කණ්ඩායමට ක්‍රිඩකයන් තේරුවාද? නැතිනම් තෝරමු

 මෙන්න මෙහි සිටින අපේ හයදෙනා






 නිමා වූ වසර 40 තුළ ලොව බිහි වූ හොදම එක්දින කණ්ඩායම තේරීම සදහා ‍ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා වී තිබේ.
ඔවුන්ට එම අවස්ථාව උදා වී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් නම්කර තිබෙන ක්‍රීඩකයින් 48 දෙනෙකු සදහා අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ලබා දීමෙනි.

එම නිර්දේශයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුලත්ව සිටී.
ආරම්භක පිතිකරුවෙකු ලෙස සනත් ජයසූරිය ඇතුලත්ව සිටිනඅතර මැදපෙල පිතිකරුවෙකු ලෙස අරවින්ද ද සිල්වා නිර්දේශිත නම් අතරට ඇතුලත්ය.

මේ අතර කඩුලු රකින්නන්ගේ ලේඛණයට කුමාර් සංගක්කාර හා රොමේෂ් කළුවිතාරණ නම් කර තිබෙන අතර චමින්ද වාස් වේග පන්දු යවන්නන්ගේ ලේඛණසයට ඇතුලත්ව සිටී.

මුත්තයියා මුරලිදරන් දග පන්දු යවන ක්‍රීඩකයින්ගේ නම් අතරට ඇතුලත්ය.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය ඔස්සේ එම ක්‍රීඩකයින්ට සිය ඡන්දය ලබාදීමට හැකි වන්නේ ජනවාරි මස 02වෙනිදා මධ්‍යම රාත්‍රීය වනතෙක් පමණි.


ඔබේ කණ්ඩායම තේරිමට මෙතනින් යන්න

3 comments:

  1. කලූට ඇරෙන්න අනිත් පස් දෙනාටම මම ජන්ද 6ක් දැම්ම. :)

    ReplyDelete
  2. කලු පව් මාත් කලුට ඇරෙන්න ඉතිරි පස් දෙනාටම මම ජන්ද 3ක් දැම්ම.

    ReplyDelete
  3. මම සංගට ඇරෙන්න අනිත් පස් දෙනාට දැම්ම.. මොකද සංග සහ කලු තොරන්න තියෙන්නේ හොදම කඩුළු රකින්නා අංශයෙන් නෙ.. එතකොට කලු ඉදිරියෙන් ඉන්නව..

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්