Saturday, December 18, 2010

දිවයින පුරා කේබල් ටීවී මධ්‍යස්‌ථානවලට දැල එළයි

දිවයින පුරා විවිධ ස්‌ථානවල නීති විරෝධී ලෙස පවත්වාගෙන යන කේබල් ටී වී මධ්‍යස්‌ථාන වැටලීමට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්‌ව විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර ඇති බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පවසයි.

දැනට දිවයින තුළ නීති විරෝධී කේබල් ටී වී පවත්වාගෙන යන්නන් විශාල ප්‍රමාණයක්‌ සිටින බවට තොරතුරු හෙළිවී ඇතැයි පවසන ඇමැතිවරයා ඒවායේ ප්‍රදර්ශනය කරනු ලබන ඇතැම් දර්ශන ශ්‍රී ලංකාවේ සදාචාරයට හා සංස්‌කෘතියට සහ ශ්‍රී ලාංකීය අනන්‍යතාවට විශාල තර්ජනයක්‌ වී ඇති බව ද අවධාරණය කරයි.

කුඩා කණ්‌ඩායම් ඉලක්‌ක කරගෙන කිසිදු ප්‍රමිතියක්‌ නැති වැඩ සටහන් නැරඹීමට ජනතාවට අවස්‌ථාව සලසා දෙන කේබල් ටී වී ආයතන පවත්වාගෙන යැමට කිසිම නීතිමය අවසරයක්‌ නැත. එසේම වැඩි වශයෙන් මේ විකාශන නැරඹීම සඳහා ළමා පරපුර පෙළඹී තිබීම ඉතා කනගාටුදායක බව ඇමැතිවරයා පවසයි.

ඇමැතිවරයා විසින් මෙම කරුණු හෙළිදරව් කළේ ඊයේ (17 දා) පෙරවරුවේ අමාත්‍යාංශයේ පැවැති

රැස්‌වීමකදීය. මෙම අවස්‌ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. බී. ගනේගල, එම අමාත්‍යාංශයේ උපදේශක ඩී. බී. නිහාල්සිංහ යන මහත්වරු සහභාගි වූහ.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්