211339

Wednesday, December 22, 2010

මෙන්න පොළිස් වැඩ - ආදරය කරන්න කප්පම් ඉල්ලු කොස්තාපල් මහත්හොරැ

කප්පම් ලබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හලාවත පොලිසිය විසින් ‍අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත මුහුදු වෙරළේ සිටි පෙම්වතුන්ගෙන් මෙම කොස්තාපල්වරුන් කප්පම් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

පෙම්වතු‍න්ගෙන් රුපියල් 2000 බැගින් මුදල් ඉල්ලා පසුව රුපියල් 500ක මුදලක් ලබා ගෙන ඇති බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති බව හලාවත පොලිසියේ නිලධාරියෙක් කියා සිටියේය.

මුදල් ලබා‍ නොදෙන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට අදාළ පොලිස් කොස්තාපල්වරුන් විසින් තර්ජනය කළ බව පෙම්වතුන්‍ පොලිසියට දන්වා ඇති බව සඳහන් වේ.

පොලිස් කොස්තාපල්වරුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් අධික ලෙස බීමත්ව සිටි බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

3 comments:

  1. රු 500/= පාඩුත් නැහැ,ඉඳුරුවෙ පොළීසියෙ ට්රැපික් සාජන් මහත්තය ඉරක් කැපුව කියල මගෙන් 2000 කුත් අරන් බරටම අවවාදත් කලා මට.

    ReplyDelete
  2. මල්ලි පිටිගල කොයි ඉසව්වෙද ඉන්නේ? පිටිගලට මගෙත් ටිකක් ලොකු සම්බන්ධයක් තියෙනවා.

    ReplyDelete
  3. ජේම්ස් බොන්ඩ් සිංහල ‍ෆිල්ම් එකේ වාගෙ ඩයල් දෙකක් වෙන්න ඇති.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්