මන්නාරම් ද්‍රොaණියේ තෙල් කැණීම් කටයුතු ශ්‍රී ලංකා රජය හා කෙයාර්න් ලංකා පෞද්ගලික සමාගම අතර අත්සන් කරන ලද ගිවිසුමට අනුව අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට නියමිත බැව් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ සඳහන් අන්දමට පළමු අදියර වසර 3කින් ද, දෙවැනි අදියර වසර 2කින් ද, තුන්වැනි අදියර වසර 3කින් ද ක්‍රියාත්මක කිරීමට නියමිත ය. අනුව තෙල් කැණීම සඳහා වසර 8ක් ගත වන අතර ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 19460කි. මෙයින් පළමු අදියර සඳහා රුපියල් මිලියන 12671ක් ද, දෙවැනි අදියර සඳහා රුපියල් මිලියන 2828ක් ද, තුන්වැනි...