208877

Thursday, July 10, 2014

ගනන් බැරි අයට සුබ ආරංචියක්

  සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් වන සිසු සිසුවියන්ට වසර දෙකක් තුළ ගණිතය සමත් වීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමට හැකිවන ආකාරයට කැබිනට් පති‍්‍රකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත හෙට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව මෙම කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය හිමි වුවහොත් පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ සිට ඉදිරියට ගණිතය අසමත් වන සිසුන්ට මෙම අවස්ථාව හිමි වනු ඇති. දැනට උසස් පෙළ හැදෑරීමට නම් ගණිතය ඇතුළුව...

Saturday, April 5, 2014

Samsung බාල Copy/Replica හැමතැනම කල යුත්තේ කුමක්ද?

අනෙක් ඉලෙක්ට්‍රොනික් සමාගම් වගේ නෙවෙයි Samsung මුලින්ම ආරම්භ කලේ ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනයට නොවෙයි. Byung-Chull Lee විසින් 1938 සමාගම ආරම්භ කලේ දකුණු කොරියාවේ සෝල් (Seoul) අගනුවර. චීනයට එලවලු, පලතුරු හා මාලු අපනයනය කරන සමාගමක් විදියට තමයි ආරම්භ වෙන්නේ. 40 දශකයේ අගභාගය වන විට පිටි ඇඹරුම්හල් හා රසකැවිලි නිෂ්පාදන කර්මාන්තශාලා Samsung සමාගමසතුව තිබුණා. 1958 සිට 1970 දක්වා ඔවුන්ගේ වෙළෙඳ කටයුතු මුල්‍ය, මාධ්‍ය, රසායනද්‍රවය හා නැව් නිපදවීම...

Tuesday, April 30, 2013

ඉවත් කර තිබූ උ/පෙළ ජීව විද්‍යා හා රසායන විද්‍යා විෂය ඒකක යළි විභාගයට

පසුගිය වසර දෙකේදී (2011/2012) ඉවත් කර තිබූ උසස්‌ පෙළ ජීව විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයයන්හි විෂය ඒකක මෙම වසරේ සිට උසස්‌ පෙළ විභාගයට අයත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සියලුම විදුහල්පතිවරුන්ට ලිතව දැනුම් දී ඇත. මෙම විෂය ඒකක ඉවත් කරන බව 2011/9 අංක දරන චක්‍රලේඛයෙන් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබුණේ අමාත්‍යාංශයේ හිටපු ලේකම් එච්. එම්. ගුණසේකර මහතාය. පසුගිය වසරේ නිකුත් කළ 2012/12 චක්‍රලේඛයෙන් ද හිටපු ලේකම්වරයා දන්වා සිටියේ 2012 වසරේදීත් එම විෂය ඒකක ඉවත් කර...

Tuesday, April 23, 2013

ඔබ අහලා බලලා තියෙනවාද රන් සදි (ran sandi) song එක

  මෙන්න audio එක https://www.dropbox.com/s/anafxegk9v...inal%20Mix.mp3 ...

Thursday, February 21, 2013

ජාතික වේග පන්දු පුහුණුකරු තනතුරට වාස්‌

ශ්‍රී ලංකා ජාතික වේග පන්දු පුහුණුකරු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ හිටපු ප්‍රවීණ වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස්‌ අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වාස්‌ අදාළ තනතුර භාර ගැනීමට කැමැත්ත පළකර ඇත. චමින්ද වාස්‌ට අදාළ තනතුර පිරිනැමීම ස්‌ථිර කිරීම සඳහා ඊයේ පස්‌වරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක කමිටු රැස්‌වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ වේග පන්දු...

Monday, January 14, 2013

තිරිමාන්න හා ඩිල්ෂාන් එකතුව පහසුවෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවයි

ශ්‍රී ලංකා කණ්‌ඩායම සත්කාරක ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම කඩුලු 8 ක පරාජයකට ඇද දමමින් තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලිය 1-1 ක්‌ ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඊයේ (13 දා) සමත් වූයේය. ටෙස්‌ට්‌ තරගාවලියේ තරග 3ම සහ අනතුරුව පැවැති ආරම්භක එක්‌දින තරගයේ පරාජයත් සමග ජයග්‍රහණ නියඟයකට හසුව සිටි ශ්‍රී ලංකාවට මෙම දැවැන්ත ජයග්‍රහණය තරගාවලියේ ඉදිරි තරග වෙනුවෙන් ඉතා වටිනා මානසික උත්තේජනයක්‌ බවට පත්විය. ශ්‍රී ලංකාව 2013 වසරේ...

Wednesday, December 26, 2012

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවය ආරක්‌ෂා කිරීමට ආරක්ෂාව පුළුල් කෙරේ.

විභාගවල රහස්‍යභාවය ආරක්‌ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ විධි විධාන යෙදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ CCTV කැමරා පද්ධතිය පුළුල් කර සියලු අංශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලයට කිසිවක්‌ සඟවාගෙන යා නොහැකි අන්දමේ නිල ඇඳුමක්‌ හඳුන්වා දීමටත් පියවර ගැනීමට සැලසුම් කර ඇත. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට...