Wednesday, April 7, 2010

බැංකුවල ඇයි මේ තරම් දිග පෝලිම්

රටේ සල්ලි ඉවර වෙන්න යනවද දන්නේ නැහැනේ. අද මම ගියා ලංකා බැංකුවට සල්ලි ටිකක් ගන්න කියලා. මිටර් 20ක30ක පෝලිම් 2යි මට සංසාරේ එපා වුනා. ටෙලර් මැෂින් එක තියෙන කාමරයම ලොක් කරලා අගුල දාලා. මේ දවස්වල හැමෝටම පඩි දුන්නට ගන්න විදිහක් නැහැ. බැංකු පොත අරන් ගියත් ගිණුම එම ශාඛාවෙම වෙන්නත් ඔනලු. අපි ඉතින් කොහොමද සල්ලි ගන්නේ. ඡන්දෙට වියදම් කරන්න නම් කට්ටියට ඔන තරම් සල්ලි තියෙනවා.  මෙහෙම කට්ටියට අපේ ඡන්දය දිලා වැඩක් තියෙනවද? හිතේ අමාරැවෙන්මයි මේ මම ලියන්නේ. ඡන්දෙට කලින් මෙහෙම දුකක් විදිනවා නම් ඡන්දෙන් පස්සේ කොහොම හිටියි ද? අපිට ඉතින් කාගේ පිහිටක්ද?

3 comments:

  1. Deposit your money at commercial bank!

    ReplyDelete
  2. ලංකා බැංකුව කියන්නේ කම්මැලිකමේ පතුලටම ගිය බැංකුවක්. වැඩක් නෑ ඒකේ සත්කාරය ගැන කතා කරලා......

    ReplyDelete
  3. අපි ඉපදිලා තියෙන්නෙ වැරදි රටක.මොනා කරන්නද?

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්