Friday, April 9, 2010

ELECTRONIC CIRCUIT -1 ගෙදර TV බලන කොට remote control එක කරදරයක්ද?

ගෙදර TV බලන කොට remote control එක කරදරයක් නම් මෙන්න විසදුම

හැබැයි ඉලෙක්ට්‍රොනික් ගැන පොඩි අවබෝධයක් අවශ්‍ය වෙනවා.

 මෙම එක circuit  හදාගෙන TV එක ඉදිරියෙන් තියාගත්තහම වැඩේ හරි. හොයා ගන්න අමාරු දේවල් ඇත්තෙත් නැහැ. වේරෝ බෝඩ් එකක හරි PCB එකක අමුන ගන්න පුළුවන්. 555 timer IC එකට IC BASE එකක් යොදා ගන්න. විදුලිය සැපයිමට 9V battery යක් භාවිතා කරන්න. අවශ්‍යනම් power pack එකක් වුවත් භාවිතා කල හැකිය. Infrared LED  2 වෙළද පොලෙන් ලෙහෙසියෙන්ම සොයා ගත හැකිය. කිසිම හේතුවක් නිසා 180 ohm resistor එක 100 ohm ට වඩා අඩු නොකරන්න. TV එක ඉදිරියෙන් circuit එක තියාගෙන  remote control එක වැඩ නොකරන තෙක් 10K preset එක සිරු මාරු කරන්න.
 අවශ්‍ය ද්‍රව්‍ය
555 IC -  1     & IC base
BC557 transistor -1
IN4148 signal diode -2
Infrared diode -2
10K preset -1
10 nf condenser -2
 1K resistor-1
470 ohm resistor -1
560 ohm resistor -1
180 ohm resistor -1


මෙම Electronic circuit එකෙන් කරනුයේ Infrared diode වලින් 38 KHz සංඛ්‍යාතකින් යුත් තරංගයක් නිපදවා remote control එකෙන් නිකුත් වන තරංගය අවුල් ( jam ) කිරිමය.  

ගැටළුවක් තිබේ නම් කියන්න
 

7 comments:

  1. හැබැයි කොල්ලො එතකොට හැමවෙලාවෙම IR තරංග පිටවෙනව නේද ඕකෙන්? එක හොඳද?

    ReplyDelete
  2. මේකෙ ප්‍රයෝජනය මොකද්ද?
    remote control එක කරදරයක් කියල ඔයා අදහස් කරන්නෙ මොකද්ද?

    ReplyDelete
  3. මේක අවශ්‍ය වේළාවට විතරයි ON කරන්නේ. එතකොට හැම වේලාවෙම IR තරංග පිට වෙන්නේ නැහැ.



    අපිට අවශ්‍ය වැඩසටහනක්(cricket match) නරබන විට ගෙදර කට්ටියට ටෙලි නට්‍ය වගේ දේවල් බලන්න හදන එක කරදරයක් නොවේද? Remote එක වැඩ කරන්නේ නැතිනම් ප්‍රශ්නේ ටිකක් වත් අඩු වෙනවා නේ.

    ReplyDelete
  4. IR තරංග මිනිස්සුන්‍ට අහිතකර නෑ.

    ReplyDelete
  5. මිට වඩා සරල නැද්ද ටීවි එකේ IR sensor එකට උඩින් සෙලෝටේප් එකක් ඇලැව්වා නම්? කොහොම උකත් ලිපිය හොදයි..

    පුලුවන් නම් GSM & WCDMA signal jam කරන්න පුලුවන් පරිපතයක් දාන්න..ලොකු උදව්වක්

    ReplyDelete
  6. මා ගාව තියෙනවා panasonic සිවිලින් ෆෑන් එකක්.ඒකේ Remote control එක වැඩ කරන්නේ නැහැ. එය Repair කරන්නත් බැහැ.ඔබට පුලුවන් නම් පරිපතයක් හදනහැටි දාන්න ස්තුතියි.

    ReplyDelete
  7. ිදප්ක්කApril 24, 2010 at 3:12 PM

    මා ගාව තියෙනවා panasonic සිවිලින් ෆෑන් එකක්.ඒකේ Remote control එක වැඩ කරන්නේ නැහැ. එය Repair කරන්නත් බැහැ.ඔබට පුලුවන් නම් පරිපතයක් හදනහැටි දාන්න ස්තුතියි.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්