Saturday, May 22, 2010

සනත් ජයසුරිය මට කරපු දේ...

සනාට මම facebook එකේ කොමට් එකක් දැම්මා දැන් ඇති ක්‍රිකට් ගැහුවා අයින් වෙන්න. ක්‍රිකට් ගැන හිතන්නවත් එපා ලංකාවේ ක්‍රිකට් නැතිකරන්න එපා කියලා. හැබැයි මම කොමට් එක දැම්මේ සනා දාලා තිබුනු රනවිරු උපහාරයටයි. මම මෙහෙමත් දැම්මා යුද්දෙට නායකත්වය දුන් පුද්ගලයා හිරේ ඉද්දි මොන රනවිරැ උපහාරද කියා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියලත් ඇහුවා.




මම කොමට් එක දැම්මේ මේ මාසේ 18 වෙනිදා හවස ඊට පස්සේ නැවත මම facebook එකට log වෙන්න හැදුවේ 19 වෙනිදා හවස දෙකට විතර බලන කොට මගේ account එක disable කරලා.

පස්සේ මම අපේ මල්ලි කෙනෙකුට call කරලා මම facebook එකේ ඉන්නවද බලන්න කිව්වා. බැලුවට පස්සේ මම පිළිබද කිසිම සදහනක් නැති බවත් මට දාපු කොමට් තියෙන බවත් මම දාපු කොමට් නැතිබවත් දැනගන්නට ලැබුනා.

මට තියෙන ප්‍රශ්නය මාව facebook එකෙන් ඉවත් කලේ ජයසුරියට ක්‍රිකට් ගහන්න එපා කියපු එකද? නැතිනම් සරත් පොන්සේකා මැතිතුමා හිරේ ඉන්නවා කියපු නිසාද?



මෙය රජයෙන් කල දෙයක්ද?

මේකද මහලොකුවට කතා කරන ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය?



ජයසුරිය ගැන කතා කලොත් දැන් මෙයා ට ටෙනිස් බොලයක් දැම්මත් හරියට ගහන්න බැහැ එත් ලොක්කගේ බලාපොරොත්තුව 2011 ලෝක කුසලානයලු එහෙම වුනොත් ලංකාවට සෙල්ලම් කරන්න වෙන්නේ 10 එක්ක හා අනිත් පිලේ 12 ක් එක්ක. ලංකාවේ ක්‍රිකට් ඉවර කරන්න කොන්ත්‍රාත් එකක් අරන්ද දන්නේ නැහැ.

මුන්දා හින්දා අළුත් කොල්ලෝ කියක් එළියෙද? 40 පැන්නැම ඇස් පේන්නෙත් අඩුවෙන්ලුනේ.නම්බුකාර විදිහට සමුගන්න තිබුනු අවස්ථා කීයක් මග හැර ගත්තද? දැන් ඉතින් තියෙන්නේ ලොකු මහත්තයෝ පැදුරටත් නොකියා සමුගන්නා එකයි.



කොච්චර මෙයාට බැන්නත් මෙයාව බලෙත් ඔපනින් එවලා පකිස්තානයට සාජා වලදි දඩි බිඩි ගලා ගහපු ලකුණු 30 න් ආරම්භ කරපු ගමනට 2009 විතර වෙන තෙක් දෙයියෙකුට වගේ අපි සැලකුවනේ.

7 comments:

  1. හරියට හරි මචන් මේ වගේ උන්ව එළවන්න ඕනි. කලින් හොඳට ගැහුවා තමයි. ඒත් එහෙම කියලා හැමදාම තියා ගන්න බෑනෙ. අපි පාඩම් ඉගෙන ගන්න ඕනි ඕස්‍ට්‍රේලියාවෙන්.

    ReplyDelete
  2. ඉතින් ඕක ඔයා facebook එකෙන් ම check කර ගත්තනම් හරිනෙ. ඔයා හරියට වෙලා තියෙන දේ දන්නෙත් නෑ ඒ උනාට ඒකට එක් පාර්ශවයකට දොස් නගලත් ඉවරයි.

    තව එකක් යුද්ධෙ දිනන්න උදව් කරපු පොන්සේකා හිරේ දෙම්මා වගෙ තමයි ක්‍රිකට් වලට එච්චර සේව්‍යක් කරපු සනාට බනින එකත්.

    ReplyDelete
  3. FB ekata email ekak danna ethakota hari !

    ReplyDelete
  4. ඔයා තාම දන්නෙ නෑනේ මොකද හරියටම වෙච්ච දේ. සැකයක් තිබුනු පළියට ප්‍රසිද්ධියේ චෝදනා කිරීම ටිකක් නරක දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එහෙම චෝදනා කරන එක නම් නෙමෙයි.

    ජයසූරිය වගේම ෆොන්සේකාත් තමන්ට නොගැලපෙන දේ කරල අනාගන්න බවයි මම හිතන්නේ.

    පළගැටියා

    ReplyDelete
  5. මගෙ facebook account එකත් disable උනා
    මම disabled@facebook.com එකට msg
    කරල සිද්දිය කීවහම වැඩේ හරිගියා

    ReplyDelete
  6. ආණ්ඩුව නම් මාර කපටියි ඒක නිසා මේක ආණ්ඩුවෙ වැඩක් වෙන්න බෑ ශැබැයි ජය සූරියට අම්බානක සල්ලි තිබ්බට මෝඩ හරකෙක් නිසා හැක් කරන එකෙක් ලව්වා සල්ලි දීලා ඕක කලාද දන්නෑ.
    හැබැයි ඔයාට කරන්න තිබ්බෙ බොරුවට blog post නොදා facebook එකට complain කරන්න තමා.

    ReplyDelete
  7. FB එකේ තියෙන ප්‍රශ්ණය පැත්තකට දාමුකො... සනත් අපේ රටේ ක්‍රිකට් වලට විශාල නෙමැකෙන සේවයක් කරල තියෙනව.ඒක අපි කවුරැත් දන්නවනෙ..ඒක කාටවත් අමතක වෙන්නෙ නෑ.නමුත් ඕනම දෙයක් ඕනම කෙනෙකුට කරන්න පුළුවන් කාලයක් තියෙනව.
    අපි ගග කින් එතර වෙන්න ඔරැවක නැගිල අනෙක් පැත්තට ගියාම අනේ අපිව එගොඩ කර ඔරැවනෙ අමතක කරන්න බෑ කියල ඔරැව කරේ තියාගෙන යන්නෙ නෑනෙ.
    දැන් නවකයන්ට තැන දෙන්න කාලය... දැනුත් ගොඩක් පරක්කුයි...දැනට කාලෙකට ඉස්සර
    සනාට ක්‍රීඩාවට සමුදෙන්න තිබුනෙ.මහත්තයන්ගෙ ක්‍රීඩාව දැන් එන්න එන්නම කටුකන්නන්ගෙ
    ක්‍රීඩාවක් බවට පෙරලෙනව.බොරැවට සනත්ව මුරැන්ග අත්තෙ තියන්නැතිව ඇත්තට මුන දෙන්න
    උදවු වෙන්න.... එහෙම අනොත් අපේ රටේ ක්‍රිකට ගැන කතා කරන්නවත් ඉතුරැ වෙන එකක් නෑ.
    සනත් කියන්නෙ දැවැන්ත වීරයෙක් ඒක නැතිකර ගන්න එපා කියල ඉල්ලන්න විතරයි පුළුවන්.ඇදන් නිකන් නානවද සබන් ගාගෙනම නානවද කියල තීරනේ ගන්නත් ඕනෙ සනාම තමා.....
    තව දෙයක් නමක් ගමක් නැතිව comment දාන උදවිය අතගාල බලනව තමන්ට පිට කොන්දක් තියෙනවද කියල.....අනුන්ට කඩේ යන්නෑ කොන්දක් තියෙන උන්...

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්