Sunday, May 16, 2010

හොදම සැටලයිට් ටෙලිවිෂන් අත්දැකීම හෙවත් dialog tv මුලාව

ශ්‍රි ලංකාව තුල සැටලයිට් ටෙලිවිෂන් ආයතන එකක් පමනක් පැවතීම නිසා මිනිසුන් මුලා කරමින් අයුක්ති සහගතව ඉතා අසාධාරණ ලෙස මිනිසුන් ගෙන් මුදල් කොල්ල කැමට dialog tv ආයතනය කටයුතු කරගෙන යයි.




කොළඹ හා ශ්‍රි ලංකා‍ෙව්  වෙරළ ආසන්නයේ ජිවත්වන ජනතාවට නම් මෙය එතරම් ප්‍රශ්ණයක් නෙවනු ඇත. ඊට හේතුව එම ප්‍ර‍ෙද්ශවලට ඇන්ටනාවක් මගින් ශ්‍රි ලංකා‍ෙව් විකාශනය වන සියළුම channel නැරඹිය හැකිය. ටිකෙන් ටික රට ඇතුලට යැමේදි පැන නැගෙන ප්‍රධානම ප්‍රශ්ණය වනුයේ ඇන්ටනාවක් මගින් TV channel හරි හැටිව නැරඹිය නොහැකි විමයි.



මෙය හදුනා ගත් කලින් dialog tv ආයතනය RS 100 කට lite100 package එක හදුන්වා දෙන ලදි. එම කාලය තුල විශාල ප්‍රමානයක ජනතාවක් dialog tv සම්බන්ධතාවය ලබා ගත්තේය. පසුව lite100 package එක lite250 package බවට වෙනස් කරන ලදි.



dialog ආයතන‍ෙය් අයිතිකරැවන් වෙනස් විමෙන් පසුව lite100 package එක RS 199 ද ඊට පසුව RS 250 දක්වා අසාධාරණ ලෙස වැඩි කරන ලදි. lite250 package එක RS 500 දක්වා ඉතා අසාධාරණ ලෙස වැඩිකරන ලදි.



තවද සමහර අවස්ථා වලදි (cricket match විකාශනය වන අවස්ථා වලදි channel eye ) channel අත්හිටවයි. සමහර නොමිලේ දුන් channel ආගිය අතක් නැත. මේකද මේ අයගේ හොදම සැටලයිට් ටෙලිවිෂන් අත්දැකීම.





dialog tv පාරිභොගිකයින් එකතු වි යමක් කිරිමට කාලය දැන් එළඹ ඇත.



අපි දැන් කුමක් කරමුද?

12 comments:

  1. පාරිභෝගික සහන සේවා අධිකාරිය පැත්තෙ බලමුද?

    ReplyDelete
  2. මේ ගොල්ලොන්ගෙ අඩුම ගාස්තුව එතකොට 500 වෙලාද?මේ ගොල්ලො කියන්නේ දේශිය නාලිකා ටිකත් එක්ක දෙනවා කියලානේ.එතකොට මෑච් එකක් තියෙන කොට චෑනල් අයි නවත්වලා රුපියල් දෙසීයකට වෙන නාලිකාවක් සක්‍රිය කර ගන්න කියනවා නම් ඒක මට නම් හිතෙන්නේ පාරිබෝගිකය මුලා කිරීමක් විදියට..මේකට නිතිමය ක්‍රියාවක් ගන්න පුලුවන් වේවි

    ReplyDelete
  3. http://blog.AnuradhapuraZone.info/ anna apa sindiyta

    ReplyDelete
  4. ප්‍රධාන කාර්යාලය
    1, 2 මහල, ස.තො.ස මහලේකම් කාර්යාලය ගොඩනැගිල්ල,
    27, වොක්ෂෝල් වීදිය

    දුරකතන අංක : (011) 2445897 / 2393577 /2393495
    ෆැක්ස් : (011) 2399148
    ඊ-මේල් : caa.office@sltnet.lk

    ReplyDelete
  5. පාරිබභෝගික කටයුතු අධිකාරියේ ලිපිනය හා දුක අංක ඉහත ඇත.

    ReplyDelete
  6. මම හිතන්නෙ ඕක විදුලි සන්දේශ නියාමන කොමිසමටත් දැන්නුවොත් හොඳා...මොකද ටැලිකොම් ක්ෂේත්‍රය සම්බන්ධ දේවල් කොන්ට්‍රොල් කරන්න ඉන්නෙ උන්දැල නෙව....

    ReplyDelete
  7. මමත් Dialogtv බලන කෙනෙක්.. 999/= දැනටම 1099/= කරල! channel eye මැචි යන වෙලාවට වහල! ඇත්තටම පාරිභෝගිකයට සලකන විදිය නම් නින්දිතයි! ලබන මාසෙම අක්‍රීය කරන්නයි හිතාගෙන ඉන්නේ!

    ReplyDelete
  8. ඔය ඩයලොග් කාරයා ලෝක හොරා.. මං උං එක්ක රණ්ඩු කරලත් තියෙනව. නිදහසේ අහසේ යන ටී.වී තරංග ඩිකෝඩ් කරල විකුණනව. උදාහරණයක් විදිහට ඔයාල පොඩ්ඩක් හිතල බලන්න ... මම අපේ නොමිලේ දෙන , අහසේ ගමන් කරන ඔය රූපවාහිනී / අයි.ටී.එන්. / ආදී චැනල් ටික ඩිකොඩ් කරලා ඔයාලට සල්ලි වලට විකුණුවොත් ඔයාලට මොනව හිතෙයිද .....?

    ReplyDelete
  9.  මමත් ඩීටීවී තමයි... කොහොම හරි අපිටත් කියන්න දෙයක් තියෙනවා..
    සියලු දෙනාම තම පැකේජ අත්හිටුවීමට ක්‍රියාකල යුතුයි.. එය ඔවුන්ට වඩා දැනෙනු ඇත...

    මම ගත්තේ 250 එක... දැන් ඒක 500 කරලා...

    01. එහෙම කරාට චැනල් ගනන වැඩිකරල නෑ
    02. හින්දි මගුල් බලන්න මම 500 දෙන්න කැමති නෑ
    03.මම 250 ගන්න කාලේත් 500 පැකේජය තිබ්බා... ඒක ගත්තේ නැත්තේ මට වැඩක් නැති නිසා...

    හැමෝම එකතුවෙලා හඩක් නගමු...

    ReplyDelete
  10. ජංගම දුරකතන සේවා හා සාමාන්‍ය දුරකතන සේවා වලදි නම් පැකේජය වෙනස් කරන්න බෑ අපේ කැමැත්තක් නැතිව. මට මතක විදිහට ඒකට නඩුවක් වැටුණ නිසා තීන්දු වුණු දෙයක්. ඒක වෙනස් කරන්න වෙන විදිහේ පෙළඹවීම් කරන්නේ ඒකයි. (SLT Vtalk , Lankabell Infinity වගේ පැකේජ හරහා)
    DTV එකටත් කවුරුහරි පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරලා පුලුවන්නම් පෙත්සමක් යවන්න වැඩ කළානම් හරි. පෙත්සම විභාගයට ගත්තිම දිනනවා ෂුවර්.


    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  11. වාසිදායකම දේවල් දෙන්නේ මුං විතරලු.. අම්මගෙ .......

    ReplyDelete
  12. DTV වල වැඩේ නම් අන්තිම කැතයි

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්