Sunday, May 30, 2010

S B ගේ පුද්ගලික විශ්ව විද්‍යාල ශ්‍රිලංකාවට ගැලපේද?

S B ගේ පුද්ගලික විශ්ව විද්‍යාල කතන්දරය ගැන ඹබ කුමක් සිතන්නේද?  දැනට ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරින්ට අප රට තුල රැකියාවක් සොයා ගැනිම ඉතා අපහසු කටයුත්තක් වන අතර එයට පුද්ගලික විශ්ව විද්‍යාල කතන්දරය ගැටළුවක් කර නොගත යුතුය.ලංකාවේ පවතින රැකියා වලට ගැලෙපෙන උපාධි පාඨමාලා ඇත්තේ කියෙන් කියද? මේවා අප රටට ගැලපෙන වෙනස්කල යුතු නොවේද?  

මට හිතෙන විදිහට අපරට තුලට විදේශ විනිමය ගෙන්වා ගැනිමට හා අප රටේ අනාගත පරපුරට මෙමගින් ( නොමිලේ ටික දෙනෙකුට හෝ ) අවස්ථාවක් ලැබෙන්නේ නම් S B ඇමතිතුමාගේ මෙම උත්සහය අගය කල යුතු නොවේද?

තවත් සමහරෙකුට කිව හැකියි මෙමගින් අධ්‍යාපනය පුද්ගලිකරනය වන බවත් අධ්‍යාපනය මුදලට විකිනෙන බවත්. ඔව් ඇත්ත එසේ විය හැකියි. නමුත් අධ්‍යාපනය අමුතුවෙන් පුද්ගලිකරන කිමටත් විකිනීමටත් අවශ්‍ය නැත. එය සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ අශිර්වාද මැද ටියුෂන් ගුරැවරැන් ජයටම කරගෙන යයි. අද දෙකේ තුනේ පංතියේ සිට දොළහ දහතුන පංති දක්වාම සියළුම විෂයන් සදහාම ටියුෂන් පවත්වාගෙන යයි. විශේෂයෙන්ම පාසැල් පැවැත්වෙන කාලයේත් (උදේ 7.30 සිට දහවල් 1.30)  මොවුන් පංති පවත්වා ගෙන යයි.   

දැන් අධ්‍යාපනය විකුණා අවසන් නොවේද? තවත් විකිනීමට දෙයක් ඉතිරි වී තිබේද? ඉතින් පුද්ගලික විශ්ව විද්‍යාල ශ්‍රිලංකාවට නොගැලපේද?



Anonymous  active කර ඇති නිසා බනින්න අවශ්‍ය අයට හොදට බනින්න පුළුවන්.  බනින සමහර අය නිදහස් අධ්‍යාපනය ගැන කතා කලාට හවසට හවසට ටියුෂන් එකක් කරලා කියක් හරි හොයා ගන්න අය වෙන්නත් පුළුවන්.  

15 comments:

  1. 100% agreed
    Anjana

    ReplyDelete
  2. Ranga weerasingheMay 30, 2010 at 9:58 AM

    කියලා නිදහස් අධයාපනයක් නෑ එහෙනම්....පොඩ්ඩක් නිදස් අධයාපනය කියන්නෙ මොකකද කියලා තේරුම් අරගෙන බ්ලොග් එකක් ලිව්වොත් හොදයි....ඔයා දන්නැති උනාට ටියුෂන් යන්නැතිව ඉගෙන ගන්න කොච්චර ළමයි ලංකාවේ ඉන්නවද??? මම කියන්නෙ නෑ ලංකාවේ 100% නිදහස් අධයාපනය තියනවා කියල(ඉන්ටර්නැශනල් පාසල් වගේ ඒව නිසා.. )ඒවට වගකියන්න ඔන පාලකයන් කියන ගොන් රැල..නමුත් මගේ යාලුවො ඉන්නවා ඉන්ටර්නැෂනල් පාසල් වල ගුරුවරු.. ඒ අය කියන්නේ කවදාවත් ළමයෙක්ව ඉන්ටර්නැෂනල් පාසල් වලට දාන්නෙ නැහිලු.. එතනින්ම තෙරෙනව නීද ඔවගෙ තියන බොරුව??(සංවාදයට විවෘතයි )

    ReplyDelete
  3. ටිවුෂන් යන්න වෙලා තියෙන්නෙ රජේ පාසල් වල දැන් ඉන්නෙ පිංබඩි කාරයො විතරක් නිසානෙ.ළමයින්ට මැට්ටො වෙන්න බෑනෙ කොහෙන් හරි ගොඩ යන්නත් එපැයි....

    ReplyDelete
  4. Ranga weerasinghe & Anonymous


    ටියුෂන් නොයන ලමයි ඉන්න එක ඇත්ත. ඒ වුනාට ටියුෂන් නැතිව ඉගෙන ගන්න බැහැ කියලා රැල්ලක් ටියුෂන් මාස්ටර්ලාම ඇති කරලා තියෙනවා.හොදින් ඉගෙන ගන්න හැකියාව ඇති අයත් (ටියුෂන් නැතිව) අර රැල්ලට අහුවෙලා නැතිනම් අහු කරලා (වැඩිහිටියන් හෝ මිතුරන් විසින්) ටියුෂන් වලට යොමු වෙනවා. පැහැදිලිවම කිවයුතුයි මම ටියුෂන් වලට බනින්නේ නැහැ නමුත් ඔයිට වඩා විධිමත් විය යුතුයි.විශේෂයෙන් විනය පිරිහිමට මුලිකම හේතුව ටියුෂන්. සමහර කට්ටිය ගෙදරින් පිට වෙන්නේ ටියුෂන් යන්න නමුත් ඒවෙලාවට ඉන්නේ එක්කෝ පාක් එකක එක්කෝ බීච් එකක නැතිනම් රුම් එකක.මෙහෙම ගියොත් අපේ අනාගත පරපුරට මොකද වෙන්නේ. පාසැල් කාලය තුලම ටියුෂන් පැවෙතෙන විට නිදහස් අධ්‍යාපනය නමට විතරක් නොවේද? එකම වෙලාවට පාසල හා ටියුෂන් යන දෙකම පැවෙතෙන විට ළමයා යැමට පෙලබෙන්නේ මුදල් ගෙවපු එකට හා වැඩිපුර විනෝද විය හැකි එකට නොවේද? රජයේ පාසැල් වල උගන්වන්නේ නැතිනම් අනිවාර්යෙන්ම එයට ක්‍රියාමාර්ගයක් ගත යුතුය . අධ්‍යාපන බලවතුන්ට පැමිනිලි කර එවැනි ගුරුවරුන්ව එරෙහිව ක්‍රියාත්මක වි අපේ අනාගත පරපුර රැක ගත යුතු නොවේද?

    ReplyDelete
  5. මගේ ලමය දාන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල්....මිනිහෙකුගෙ මූන බලල කෙලින් කතාකරගන්න බැරි......ඉන්ග්‍රීසි කොම්පීටර් නිකම් දැකල අහල තියෙන.....සදාචාර තියෙන,, කිසිම මෙලෝ රහක් තියෙන ස්කිල් එකක් නැති,,, ජොබ් හිඟන්නෙකුට වඩා මගේ එකා අනික් උන්ට ඇටෑක් කරන එකෙක් වෙනවට මම කැමති....ඌ අටට පාස් උනොත් මම සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් එකේ ටෙක්නිකල් කෝස් එකක් කරවනව...කොම්පීටර වලට බී සී එස් හරි මොකක් හරි කරවනව.....මූ හොඳටම නා ගත්තොත් අරිනව මරදානෙ ටෙක්...මජන් නාන්න....එතකොට ඌ තේරුම් ගනී ඉගෙනගත්තනම් කෝමද කියල....හැබැය් ටෙක් අවුට් වෙන එවුන් කවදාවත් ජොබ් හිඟන්නො නෙමෙයි....කියල මම දන්නව....

    ReplyDelete
  6. ඔය ප්‍රශ්නෙ වෙන්නනෙ අපි මේ ලංකාවේ හිර වෙලා ඉන්න හිංදා මේ අන්තර්ජාලෙ තමයි මම දන්න විදිහට අපිට යමක් ඉගන ගන්න පුලුවන් ලේසිම විදිහ ඒත් මේ අපි කාටවත් ඒක free පාවිච්චි කරන්න පුලුවන්ද අවශ්‍ය හැකියාව තියන අය ඉදිරියට ගන්න එක. මීට අව්රුදු ගානකට කලින් ඇතිකරපු නිදහස් අධ්‍යාපනය ඇතිකලේ නැත්නම් මේ රටේ කව්රුවත් ඉගෙන ගන්නෙ නැද්ද ? අපිට තර්ක විතර්ක කරන්න පුලුවන් උනත් ඇත්ත අපේ රටේ නිදහස් අධ්‍යාපනයක් නෑ කියන ඒක. නිදහස ඕන පිරිසකට ඕන විදිහට උද්ගෝශන වලට විතරයි කියන එක මේ රටේ ඔන කෙනෙක් දන්න දෙයක්. අවශ්‍ය ඉගෙනීම, රටට සේවයක් කිරීම. ඔය නිදහස් අධ්‍යාපන‍යේ උදව්වෙන් ගොඩ ගිය කීදෙනාද මේ රටේ ඉන්නේ. වැරැද්ද කාගෙද අපේ ද නිදහස් අධ්‍යපනයේද ? නැත්තම් අපේ දෙමව් පියන්ගේද? මගේ මතය මේ රටට තරගයක් අවශ්‍යයි. පෞද්ගලික විශ්ව විද්‍යල ඕන. පිටරට උන් කෙසේ වෙතත් මේරටේ හරි තියන එකා කොහොම හරි ඉගෙන ගනී. කොහොම උනත් උනුත් මේ රටේ ද‍රුවො නේද? කව්රු හරි ඉන්දියාවේ ප්‍රාන්තවල තියන ව්ෂ්ව වද්‍යාලයක එක තත්පරයක් හිටියනම් කවදාකවත් මේ රටේ විශ්ව විද්‍යාල උපවාස උද්ගෝෂන තියන එකක් නෑ. ඒ රටවල් වල ඒව අඩුයි ඒක නිසා බිහිවෙන උගත් අයත් වැඩියි. අපේ රටේ කවදා මේ විද්‍යල ප්‍රශ්නය ඉවර වෙලා ඉගෙන ගන්න දවසක් එයිද මන්දා.

    ReplyDelete
  7. සල්ලි දීල .....උගන්නනවා සල්ලි හම්බකරන්න. ලංකාවට නොවේ ....ලෝකෙ ඔනම රටකට හරියන්න.
    ලංකාවෙ ගුරුවරුන්ගෙන් නොවේ. ජාත්‍යන්තර පාසැලක.
    පාරෙ පිකට් කරන්න නොවේ වැඩ පෙන්නුවම හැමෝම අඬගහන...

    ReplyDelete
  8. නිදහස් අධ්‍යාපනය අපට එපා...ඒක අඩු කුලවල දුප්පතුන්ට ඒ පන්තියට...ඒඅය කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ

    ReplyDelete
  9. අපි කිසිකෙනෙක් නොහිතපු කුල කෙස් එකක් මෙතනට අදාල වෙන්නෙ කොමද????

    ReplyDelete
  10. අනේ හුත්තෝ මැටි හරකෝ තොටත් ඕනැති දෙයක් නෑ

    ReplyDelete
  11. හුත්තෝ මෙන්න යාහු අයිඩී එක වරෙන් චැට් එකකට බය නැත්තං කැරියා

    ReplyDelete
  12. මා සැඟවී පහර දෙන්නෙකු නොවෙමි..ආදරණීය ඉහත කොමෙන්ට් කරුවානනි ඔබේ කමෙන්ට් වල ඔබේ නම ඇතුලත් නොවන්නේ ඔබේ කිනම් නිර්භීත කමක් නිසාද>???මාගේ නම් ඊ මේලය indika27@gmail.com එහෙත් ඔබට ගැටලුව ඇත්තේ මා සමඟ නොවේ යය් මා සිතමි

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. අනේ ඉන්දියෝ උඹට නෙවෙයි කිව්වෙ මේ චමිත් කියන වෙසකැරියට
    වෙනින් වෙලාවක උබටත් ගලක් කපන්නම් හොඳෙ

    ReplyDelete
  15. ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අතවශයි .මොකද හොද තරගකාරිත්වයක් අපේරටේ අද්‍යාපනයට අවශ්‍ය නිසා .

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්