Tuesday, August 2, 2011

ශ්‍රී ලංකාව එක්දින ක‍්‍රිකට් රටවල් අතර දෙවැනි තැනට

අයි.සී.සී නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියානු කණ්ඩායම අභිබවා යමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව තිබේ.

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් වලට අනුව ප්‍රසාද ලකුණු 130ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථම ස්ථානයට පත්ව සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 118ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලකුණු 117ක් ලබා සිටින ඉන්දියානු කණ්ඩායම තෙවන ස්ථානයේ පසුවෙයි.

පිළිවෙලින් සිව්වන හා පස්වැනි ස්ථාන දකුණූ අප්‍රිකානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම හිමි කර ගෙන ඇත.
දෙවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා ප‍්‍රසාද ලකුණු 118 ක් ලබා සිටින අතර වාර්ෂික යාවත්කාලීන කිරීමේදී         ශ්‍රී ලංකාවට ප‍්‍රසාද ලකුණු දෙකක් එකතු විය.

               එක්දින ශ්‍රේණිගත කිරීම

         රට                              ප‍්‍රසාද ලකුණ
1.  ඕස්ටේ‍්‍රලියාව                           130
2. ශ‍්‍රී ලකාව                                  118
3. ඉන්දියාව                                 117
4. දකුණු අප‍්‍රිකාව                         116
5. එංගලන්තය                             106
6. පාකිස්තානය                           100
7. නවසීලන්තය                            90
8. බටහිර ඉන්දීය කොදෙව්            78
9. බංග්ලාදේශය                            70
10. අයර්ලන්තය                            42
11. සිම්බාබ්වේ                              38
12. නෙදර්ලන්තය                           5
13. කෙන්යාව                                 0

3 comments:

  1. මෙදා සැරේ ඕස්ට්‍රේලියාවට ගැහුවනං තව ටිකක් ලකුණු වැඩිකර ගත්තෑකි.

    ReplyDelete
  2. ඔස්ට්‍රේලියාවට 4-1 ගැහුවොත් ලංකාවට පළවෙනි තැනට එන්න පුළුවන්.

    ReplyDelete
  3. ලංකාවට නියත ජය හැමදාම ඉටු කරගන්න අපේ නව නායකයට පුලුවන්ද ?

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්