Wednesday, May 2, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ 2012-2013 වාර්ෂික කොන්ත්‍රාත් හා ලසිත් මාලිංග

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත් මිල ගණන් තීරණය කිරීමේදී කිසිම ක්‍රීඩකයකුගේ පෞද්ගලික ඉල්ලීම්වලට පමණක්‌ විශේෂත්වයක්‌ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය.

මේ දිනවල අයි.පී.එල්. පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලිය නියෝජනය කරමින් සිටින අතරතුර ලසිත් මාලිංග විසින් තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් ලැබෙන වාර්ෂික කොන්ත්‍රාත් මුදල පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව පැවසීම සම්බන්ධව  කළ විමසීමකදී එම නිලධාරියා වැඩිදුරටත් මෙසේ පැවසීය.

'මේ ගොල්ලන්ව පොඩි ළමයෙක්‌ ලොකු කරනව වගේ සියලුම දේවල් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ලබාදීල තියෙනවා. දැනටත් එහෙමයි. එහෙම කරල තියෙද්දි තමන්ට ලැබෙන දේවල් මදී කියල කවුරු හරි කියනවානම් ඒක රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට කරන ලොකු හානියක්‌. මොකද අපි හැමෝම පළමුව රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතුයි. රට වෙනුවෙන් කළ කැපකිරීමට තමයි ඒ අයට වෙනත් දේවල් ලැබෙන්නේ. ඇත්තටම කොන්ත්‍රාත් ගිවිසුම ගැන ක්‍රීඩකයන් කතා කරන්නෙ ඒ අය නොදන්න කමට. එක්‌ එක්‌ ක්‍රීඩකයන්ට ඉන්න කළමණාකරුවන්ගේ ඕනෑ එපාකම් අනුව තමයි ඒ අය කටයුතු කරන්නේ. ඇත්තටම මේ ක්‍රීඩකයන් දන්නෙ නැහැ ඒකෙන් ඒගොල්ලන්ට වෙන හානිය.'

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ 2012-2013 වාර්ෂික කොන්ත්‍රාත් පදනම මත එක්‌ එක්‌ ක්‍රීඩකයන් කාණ්‌ඩ ගත කිරීම මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් සකස්‌ කරමින් පවතින බව වාර්තා වේ. අදාළ කොන්ත්‍රාත් පදනම මත ක්‍රීඩකයන් එක්‌ එක්‌ කාණ්‌ඩවලට ඇතුළත් කිරීමෙන් පසු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග සාකච්ඡාවක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය බලාපොරොත්තු වන බවත් එය පාකිස්‌තාන් තරගාවලිය අතරතුරදී පැවැත්වීමට යෝජිතව තිබේ.

'අපි මාලිංග සමග තවම සාකච්ඡා කළේ නැහැ. ඔහු ලංකාවට ආව ගමන් එයාගෙ ඉල්ලීම්වලට මොකක්‌ද කරන්න පුලුවන් කියල සාකච්ඡා කරනවා. හැබැයි මාලිංග ටෙස්‌ට්‌ ගහන්නෙ නැතිව ටෙස්‌ට්‌, 20-20 සහ එක්‌දින අංශ තුනම ක්‍රීඩා කරන අයගෙ කොන්ත්‍රාත් මුදල දෙන්න බැහැ. ඒ වගේම 20-20 සහ එක්‌දින ගහන අනිත් අයට වැඩිය එයාට මුදලක්‌ දෙන්නත් බැහැ. මොකද එහෙම වුණොත් හැමෝම ඉල්ලයි අපිටත් ඒ දේවල් දෙන්න කියල.' කොහොම හරි මාලිංග සමග මෙම ප්‍රශ්නය සාකච්ඡා කරල විසඳුමක්‌ ගන්න බලාපොරොත්තු වෙනවා.' යනුවෙන් ඉහත නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කොන්ත්‍රාත් පදනම මත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් කාණ්‌ඩ ගත කිරීමේදී ටෙස්‌ට්‌ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් හට 60% ක මුදලක්‌ද එක්‌දින තරග සඳහා 20% ක මුදලක්‌ද 20-20 තරග සඳහා 20% ක මුදලක්‌ ලබා දෙන අතර අදාළ තරගාවලි ත්‍රිත්වයම ක්‍රීඩා කරන ක්‍රීඩකයන් හට එම සියලුම මුදල් හිමිවේ.

5 comments:

  1. පාලක මන්ඩලේ ඉන්න සුදු අලි ටික රකින්න ඔය හෑමදේටම වඩා මුදලක් යනවා,මාලිංග කියන්නේ ලෝකේ ඉන්න හොදම බෝලස් ලගෙන් එක්කෙනෙක්,මම නම් කියන්නේ මාලින්ග කරපු වෑඩේ හරි.

    ReplyDelete
  2. හොඳ උත්තරයක්‌ ! මාලිංග කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් තමයි,ඒත් ඒ ක්‍රීඩකය චරිතයක් කලේ ශ්‍රී ලන්කන් ක්‍රිකට්. . .ලංකාවේ ක්‍රිකට් වලට ඔය තැන තිබුනේ නැත්නම් ඔච්චර ඉස්සරහට එයාට යන්න වෙන්නේ නෑ. . .ඉස්කෝලේ ක්‍රිකට් ගහපු කාලේ ඉදන් අද ඔය තත්වෙට එනකන්ම එයාට අවස්ථවන් හදල දුන්නේ මේ රට .ඒක නිසා රටට දෙයක් කරන්න වගකීමක් තියෙනවා. . . නිකන් මුල අමතක වෙලා කෑ ගහන්නේ මෝඩ කමට. . . එයා මේ රටේ නිර්මාණයක්,ඒකට එයා ණයයි. . .යුතුකම කිරීම හෝ පැහැරහැරීම එයාගේ මනුස්සකමේ වැඩක් . . .කොච්චර කෑ ගැහුවත් කොහේ හරි රටකට ගිහිල්ල කියන්න වෙන්නේ මං ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් කියල තමයි අන්තිමේදී . . .

    ReplyDelete
  3. අනිවා මු කවද හරි ලංකාවේ ක්‍රිකට් එපා කියල ගියපු දවසකට මුව මොන ටිම් එකකටවත් ගන්නේ නැ එදාට මෙයාව කව්රුත් දන්නෙත් නැ

    ReplyDelete
  4. katussange kare raththran bendama ohoma wenawalu..anyway he's an amazing cricketer.

    ReplyDelete
  5. salli nisaa nehena cricket gena film ekak beluwa matakayi ath a wage gon naambo indiyawe hitiyata lankawe idiyi kiyala hithuwe neee. ath as dekata pena kan dekata ahenaeke lankawen sudusukama laba gaththa eka gena patta dukayi.dawasaka salli nisaama mu nehenawaaa.

    kalin kiwa wage lasith malingage made in thiyenne lankaawata eka wenas karanna be. ath kalayak yaddi mu kiyayida danne man indiawe upatha labalaa ahe purudu wela thma lankaawata awe kiyalaa,,,,,,,,,,,,,,

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්