Friday, May 18, 2012

ඩෙංගු මදුරුවා ගැන අලුත්ම හෙළිදරව්ව


ජලය එක්රැස්විය හැකි ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බිත්තර දමන බව කීට විද්‍යා සමික්ෂණවලින් හෙලි වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඒ ඒ ප්‍රදේශවල පවතින පරිසර සාධක උපයෝගී කර ගනිමින් ඩෙංගු මදුරුවා බෝවීම හා ව්‍යාප්තිය සිදුකරන බව එම පරික්ෂණ සනාථ කර ඇති බවය.ඒ අනුව කෙසෙල් අතු , විවිධ ශාක පත්‍ර, රබර් කිරි රැස් කිරීම සදහා යොදා ගන්නා පොල් කටු, මැණික් පතල් ආශ්‍රීත ජලය එක්රැස්විය හැකි ස්ථාන, ඉවත දමන විවිධ බදුන් මෙන්ම ළිං ආශ්‍රිතව ද ඩෙංගු මදුරුවා බෝවන බව නිරික්ෂණය වී තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එවැනි ස්ථාන විනාශ කිරිමේ අපහසුතාවයක් ඇත්නම් කෘමිනාශක යෙදීම , දුමායනය කිරීම සහ ජලය එක් රැස්වීමට ඉඩ නොදී ආරක්ෂිතව ගබඩා කිරීම වැනි පියවර ගත හැකි බවය. එමෙන්ම තම නිවස, ගෙවත්ත සහ වටපිටාවේ ‍ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඇත්නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

2 comments:

  1. ගෙදර තියන ලිද වහන්න වෙයි වගේ

    ReplyDelete
  2. මගෙ අම්මා ඩෙoගු හෙදිලා නැතිවුනා. අපෙ පරිසරය අපි පිරිසිදු කර ගන්න ඔනෙ.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්