Friday, May 18, 2012

සිනමා නළු ශාරුක් ඛාන් හට ජිවිතාන්තය දක්වා මුම්බායි වන්කඬේ ක‍්‍රීඩාංගනයේ තරග තහනමක්

සුපිරි බොලිවුඞ් සිනමා නළු ශාරුක් ඛාන් හට ජිවිතාන්තය දක්වා මුම්බායි වන්කඬේ ක‍්‍රීඩාංගනයේ තරග නැරඹීමට පැමිණීම මුම්බායි කි‍්‍රකට් සංගමය විසින් තහනම් කොට තිබෙනවා. ඒ මුම්බායි ක‍්‍රීඩාංගනයේ පෙරේදා  පැවති අයි.පී.එල් තරගයකදී ඔහුගේ අයහපත් හැසිරීම හේතුවෙන්. ශාරුක් ඛාන් එහිදී බීමතින් හැසිරී ඇති අතර ක‍්‍රිඩාංගනයේ ආරක්ෂාව භාරව සිටි නිලධාරින්ට පහරදීමට උත්සාහ කර ඇති බව ද වාර්තා වනවා. ශාරුක් ඛාන්ගේ මෙම හැසිරිම සම්බන්ධයෙන් මුම්බායි කි‍්‍රකට් සංගමය පොලිසියට ද පැමිණිලි කර තිබෙනවා. කෙසේ වුවත්, මේ සම්බන්ධයෙන් ඉන්දීය පි‍්‍රමියර් ලීග් කවුන්සිලයේ සභාපති රාජ් ෂුක්ලා පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ෂාරුක් ඛාන්ගෙන් ද කරුණු විමසා දැන ගත යුතු බවයි. එසේ දැන ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට උචිත බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ නමුත්, මුම්බායි ඉන්දියන්ස් පිල සමග වන්කඬේ ක‍්‍රීඩාංගනයේ ඊයේ පැවති තරගයෙන් ෂාරුක් ඛාන්ගේ කොල්කටා නයිට්රයිඩර්ස් පිල ජයග‍්‍රහණය වාර්තා කළා.

3 comments:

  1. බිව්වහම මිනිස්සු තිරිසන් වෙනව. බීපු එකාට ආතල්. අනිත් අයට වදේ. මොකටද එහෙම ආතල්?

    ReplyDelete
  2. Ane palayan ano yanna.. Melo rahak nethi talks denawa..

    ReplyDelete
  3. මීට කලිනුත් ප්‍රීටි සින්ටාගේ හැසිරීම සම්බන්ධව රොෂාන් මහානාම අප්‍රසාදය පලකරල තිබුන. ප්‍රසිද්ධ පුද්ගලයන් විදියට ඔවුන් මීට වඩා යහපත් හැසිරීමක් පවත්වාගත යුතුයි.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්