Monday, August 29, 2011

සනත් ජයසූරියගේ ඇන ගැනීම

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පස්වන හා අවසාන එක්දින තරගය පැවති දිනයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට විස්තර ප්‍රචාරක කටයුතු සිදුකළ ජාත්‍යන්තර විස්තර විචාරක ටෝනි ග්‍රේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනත් ජයසූරියගෙන් ප්‍රශ්න දෙකක් ඇසූවේය.

"ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද.."
එහෙට මෙහෙට ඇඹරෙමින් සිටි සනත්ට එකී ප්‍රශ්නයට පිළිතුරක් ගොනු කර ගත නොහැකිවිය.

"නිල් මානෙල්.."ටෝනි ග්‍රේ කියා සිටියේය.
සනත් එය අනුමත කරමින් හිස වනා සිනාසුනේය.

"ඔබේ රටේ ජාතික වෘක්ෂය කුමක්ද..?"
ටෝනි ග්‍රේ යළිත් ඇසුවේය.

සනත් ජයසූරිය යළිත් උඩබිම බැලුවේය.

"නා"
ටෝනි ග්‍රේ සිහිපත් කළේය.

"ඒක මං දැනගෙන සිටියා"
සනත් යාම්තමට හිස වනා ජාම බේරාගන්නට උත්සාහ කළේය.

තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා ජයග්‍රහණය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.අතීතයේ මාස්ටර් බ්ලාස්ටර් ලෙස හැඳින් වූ සනත් ජයසූරිය තමන්ගේ රටේ ජාතික පූෂ්පය හෝ ජාතික වෘක්ෂය නොදැනීම කාටවත් ප්‍රශ්නයක් නොවී ජයග්‍රහණයේ උද්දාමයෙන් සියල්ල යටපත් වී ගියේය.

6 comments:

  1. @Rajith
    habai itin English walin kiyanne mokakda kiyala danne nathuwa sadde wahala siteema etath wada gon kamak, english walin unath nodanna deta sinhalen hari uttara denna puluwanne, anika othana uttare Noun ekak misak Verb eakak wath grammer prashnayakwath nevine, Noun ekak sinhalen kiwwata kisi waraddak na

    thamanuth itin pata kannadi dagena anunge pata kannadi gana katha karanna epa

    ReplyDelete
  2. matanam thama pata kannadi na habai aththatama ethendi sinhalen kiwwata waradak na. habai eda wisthara wicharen passe thamai mama danagaththe sanathta echchara hodatama english ba kiyala.(ethendi kalabala unada danneth na ithin)

    ReplyDelete
  3. ඈනෝ ලා ගේ අදහසත් සමඟ එකඟ වෙන අතර මෙහෙම දෙයක් ද හිතෙයි. සනත් ගියේ ක්‍රිකට් තරඟයක් පිළිබඳ කතා බහකට මිස සාමාන්‍ය දැනුම පරීක්ෂණයකට නොවේ. එහෙයින් ඔහුට එක් වරම ඔය වැනි කරුණු මතකයට නගා ගන්නට බැරි වූවා වන්නට ද පුළුවන. එහෙත් වරද ඇත්තේ ඔහු සුපිරි ක්‍රීඩා තරුවකට අමතරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරණ මහජන නියෝජිතයෙකු ද වීමයි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගෙන් කලින් නොදන්වා ඔය ප්‍රශ්ණ ඇසුවොත් කී දෙනෙක් උත්තර දෙයිද? ඒ තියා සාමාන්‍ය මිනිසුන්ගෙන් ඔය ප්‍රශ්ණ ටික විමසුවත් එක් වනම ඔවුන්ට පිළිතුරු ලබා දීමට නොහැකි වනු ඇත. රටේ වෙන දේවල් වල හැටියට ඕක ඒ තරං ගනං ගන්න කාරණාවක් නෙවෙයි මයෙ හිතේ..

    ReplyDelete
  4. sanathge cricket wenai.politics wenai.personal life eka wenai.e tika therum aragena hitiyama iwarai.lankawe aya thamath sanath jayasooriya kiyana cricketer ta adarei.MP ta i commentator tai wadiya.

    ReplyDelete
  5. blog එකේ පොලිටික්ස් කතා නවත්ත්මු නේද?
    ilovesinhalablog

    ReplyDelete
  6. It was NOT Sanath Jayasuriya.

    Tony did this to Ranjith Fernando many years ago.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්