209450

Thursday, September 29, 2011

2011 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විහාගයේ කඩයීම් ලකුණු

මෙවර පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත් වුණු සිසුන් ජනප්‍රිය පාසල්වලට තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමේ දී අවශ්‍ය වන ඒ ඒ දිස්‌ත්‍රික්‌කවලට අදාළ ලකුණු සීමා විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 15 වැනි දින නිකුත් කරන ලදී. ජනප්‍රිය පාසල් සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුත්තේ දිස්‌ත්‍රික්‌කයේ අවම ලකුණු සීමාව හෝ ඊට වැඩි ලකුණු ලබා සිටින සිසුන් පමණි. මේ ඉල්ලුම්පත් ඉදිරි කාලයේ දී පාසල්වලින් මාපියන්ට ලැබෙනු ඇත. සිසුවකුට පිළිගත නොහැකි ලකුණක්‌ ලැබී ඇතැයි සිතන්නේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනයක්‌ ඉදිරිපත් කළ හැකි ය. එවැනි සිසුන් ගේ 3, 4 සහ 5 යන ශ්‍රේණිවල වාර...

Wednesday, September 21, 2011

ශ්‍රී ලංකාව 5ට යයි ඔස්‌ට්‍රේලියාව 4ට එයි

තෙවැනි තරගය ජයගනිමින් තරගාවලිය 1-1 ක්‌ වශයෙන් සමකර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම තබා තිබූ බලාපොරොත්තු සුන් කළ ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක්‌, නායකත්වයේ ඉනිමක්‌ ක්‍රීඩා කරමින් රැස්‌ කළ ශතකය ප්‍රධාන කොට දෙරට අතර කොළඹ එස්‌. එස්‌. සී. පිටියේ ඊයේ (20 දා) අවසන් වුණු අවසන් ටෙස්‌ට්‌ තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. ඒ අනුව මෙම තරගාවලිය 1/0 ක්‌ වශයෙන් ජයගත් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම වෝන්/මුරලි ශූරතාව නැවත වරක්‌ තම රට වෙත රැගෙන යැමට සමත්වූවේය. 2006 වසරේදී පාකිස්‌තානය හමුවේ ටෙස්‌ට්‌ තරගාවලියක්‌ පරාජයට ...

Friday, September 16, 2011

ටෙස්‌ට්‌ ලෝක ශූරතාවට සිංහයන්ද කැන්ගරුවන්ද තීරනය අද සිට ssc හිදී

තම මව් බිමේදී තරග කළද මෙතෙක්‌ පැවැති ටෙස්‌ට්‌ තරග 2 හිදීම දුර්වල ක්‍රීඩා විලාශයක්‌ පෙන්නුම් කළ ශ්‍රී ලංකා කණ්‌ඩායමට, ගිලිහී ගොස්‌ තිබෙන අභිමානය යළි ළඟා කර ගැනීම සඳහා ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට එරෙහිව ලැබෙන අවසන් තරග අවස්‌ථාව වන අද (16 දා) කොළඹ එස්‌. එස්‌. සී. පිටියේදී ආරම්භවන තෙවැනි ටෙස්‌ට්‌ තරගයෙන් උදාවේ. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයෙන් ලකුණු 125 ක පරාජයක්‌ සහ පරාජය පෙනි පෙනී තිබූ පල්ලකැලේ තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන්වීම මත මේ වන විටත් තරගාවලිය 1/0 ක්‌ වශයෙන් ඔස්‌ටේ්‍රලියාව...

Thursday, September 15, 2011

නිලදරුවන්ගේ නොසැලකිල්ලෙන් වැසීයන පාසල්

අපේ රටේ පාසල් දසදහසකට ආසන්න සංඛ්‍යාවක්‌ තිබේ. මේ වන විට ඉන් දහසක්‌ පමණ වැසීගොස්‌ ඇති අතර, තවත් දහසකට ආසන්න සංඛ්‍යාවක්‌ නුදුරු අනාගතයේදීම වැසී යැමට නියමිතව ඇත. වැසී ගිය පාසල් දෙස බලද්දී ඒවාට ගිය දරුවන්ට සිදුවූයේ කුමක්‌ද? එම පාසල්වලට ඇතුළත් වන්නට සිටි දරුවන්ට සිදුවන්නට ඇත්තේ කුමක්‌දැයි කිසිවකු සොයා බැලු බවක්‌ දැන ගන්නට ද නැත. පාසල අහිමිවූයේ පාසල් අධ්‍යාපනය වැඩියෙන්ම අවශ්‍යව තිබූ දරුවන්ටය. එබැවින්, වැසී ගිය සහ වැසී යැමට ආසන්න පාසල් වල, ඒවා පිහිටි භූමිකාව දෙස සොයා බැලීම වටී. දුෂ්කරතා රැසකට මුහුණ දෙන...

Tuesday, September 6, 2011

පළමු මගී නෞකාව හම්බන්තොට වරායට සම්ප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක්‌ පෙරළමින් ලොව විශාලතම පාවෙන පුස්‌තකාලය වන MV Logos Hope යන මගී නෞකාව පසුගියදා හම්බන්තොට වරායට ළඟ විය. හම්බන්තොට වරාය ඉදිකිරීමෙන් අනතුරුව එහි පැමිණි ප්‍රථම මගී නෞකාව ලෙස ලෝගොස්‌ නෞකාව ඉතිහාසගත වනු ඇත. ලෝගොස්‌ නෞකාවේ නාවික නියෝජිතයන් වන එයිට්‌කන් ස්‌පෙන්ස්‌ සමාගම පැවසුවේ ලෝගොස්‌ හෝප් නෞකාව හම්බන්තොටට රැගෙන ආවේ මෙම නවතම වරායේ දර්ශනීයත්වය පිළිබිඹු කිරීමටත් මගී නෞකා හම්බන්තොට වරායට ගෙන ආ නොහැකි යෑයි පැවසූ මිථ්‍යාව පහ කිරීමේ අරමුණ සාක්‌ෂාත් කර ගැනීමටත් යන බවයි. "මෙම නෞකාවේ...

Monday, September 5, 2011

රජය දුම්කොළ බද්දෙන් සියයට 12 ක ආදායමක්‌ ලබන විට ඉතිරි 88% ම සමාගම්වලට

දුම්වැටි පානය පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද බෙහෙවින් බලපාන්නකි. කරන ලද සමීක්‍ෂණවලට අනුව දුම්වැටි භාවිතයෙන් දිනකට රුපියල් කෝටි 15ක මුදලක්‌ විදෙස්‌ රටවලට ඇදී යයි. එබැවින් මේ හා සම්බන්ධ ආර්ථික පරිහානිය පිළිබඳව දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක්‌ පසුගිය දිනක ජීවක පදනම විසින් නාරාහේන්පිට පුවත්පත් කලා ආයතන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහි දී මහරගම පිළිකා ආයතනයේ විශේෂඥ වෛද්‍ය සමාධි රාජපක්‌ෂ මෙසේ පැවසී ය. "රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව අනුව වසර 2009 දී දුම්වැටිවලින් රජයට ලැබුණු ආදායම රුපියල් මිලියන 29365ක්‌. වසර 2010 දී මේ ආදායම රුපියල් මිලියන 29589...