Monday, July 16, 2012

අවසන් තරගය ජය පැරදුමෙන් තොර නසාශ‍්‍රී ලංකාව තවදුරටත් 6 වන ස්ථානයේ නමුත් පකිසථානය ඉදිරියට

අන්තර්ජාතික ක‍්‍රිකට් සම්මේලන ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ එංගලන්තයට හිමි ප‍්‍රමුඛස්ථානය යළි තහවුරු වී තිබෙනවා. ක‍්‍රිකට් සම්මේලන දර්ශකවල වාර්ෂික ඇගයීමට අනුව එහි පළමු ස්ථානයේ සිටින එංගලන්තය සහ දෙවන ස්ථානයේ සිටින  ඕස්ටේ‍්‍රලියාව අතර ප‍්‍රසාද ලකුණු පරතරය ලකුණු 6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එංගලන්තයට ප‍්‍රසාද ලකුණු 122 ක් හිිමිව ඇති අතර  ඕස්ටේ‍්‍රලියාවට හිමිව ඇති ප‍්‍රසාද ලකුනු සංඛ්‍යාව 116 ක්. තුන්වන ස්ථානය හිමිව තිබෙන්නේ ප‍්‍රසාද ලකුණු 113 ක් ලබා සිටින දකුණු අප‍්‍රිකාවයි. එහෙත් ඉදිරි සතියේ ආරම්භ වන ටෙස්ට් තරඟාවලිය දකුණු අප‍්‍රිකාව විසින් ජයගතහොත් මෙම ස්ථානවල වෙනසක් අපේක්ෂා කළ හැකියි. එංගලන්තය පසුගිය වසරේදී ටෙස්ට් දර්ශකයේ ප‍්‍රමුඛ ස්ථානයට පැමිණියේ ඉන්දියාවට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණයක් වාර්තා කරමින්. ශ‍්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරඟාවලියෙන් පරජය වුවද ජාත්‍යන්තර ටෙස්ට් දර්ශකයේ පාකිස්ථානයට හිමි ස්ථානය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පාකිස්ථානය දර්ශකයේ හතරවන ස්ථානය හිමිකරගෙන ඇති අතර පස්වන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවටයි. මීට පෙර 4 වන ස්ථානයේ රැඳී සිටියේ ඉන්දියාවයි. ප‍්‍රසාද ලකුණු 98 ක් හිමිකරගෙන තිබෙන ශ‍්‍රී ලංකාව තවදුරටත් 6 වන ස්ථානයේ පසුවනවා.
 පන්දුවාර 71කදී ලකුණු 270ක ඉලක්කයක් හඹා යාමට ශ්‍රී ලංකාව උනන්දුවක් නොදැක්වීම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි නොසතුටට හේතු විය. අඩුම තරමින් ඉලක්කය හඹා යාමට උත්සාහයක්වත් නොගත් බවට චෝදනා එල්ල වූ නමුත් මාස 35කින් ටෙස්ට් තරගාවලියක් ජයගෙන නොසිටිව සිටි ශ්‍රී ලංකාව ගාල්ලේ තරගය ජය ගෙන 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියදී අවදානමක් ගැනීමට මහේල අකමැති වී ඇත.
එහෙත් තරගයෙන් අනතුරුව මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ තේ පානයෙන් පසු චන්දිමාල්ගෙන් පන්දුවාර 6-7කදී ප්‍රහාරයක් එල්ල කොට ඉන් පසු තිසර පෙරේරා එවා ඉලක්කය හඹා යාමට කළින් සැලසුම් කර තිබූ බවයි. එහෙත් තේ පානයට පෙර චන්දිමාල් දැවී යාමත් සමගම සිය සැලසුම් වෙනස් කිරීමට සිදුවූ බවත්, තමා සහ සංගක්කාර එක්වී පන්දුවාර 25 සීමාව දක්වා පැමිණි පසු ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළද තමා දැවී යාමෙන් ඉලක්කය හඹා නොයාමට තීරණය කළ බවත්, මහේල පැවැසීය. එසේ වුවද ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට අසමත්ව සිටි ශ්‍රී ලංකාව 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියදී ප්‍රබල පන්දු යවන්නන්ගෙන් සමන්විත පාකිස්තානය හමුවේ ලකුණු හඹායාමකට ගොස් කඩුලු 2-3ක් පිට පිටම බිඳ වැටුණා නම් පරාජය වීමේ අවදානමක්ද තිබුණි. එහෙයින් ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ජය ගැන සිතා ඒ මොහොතේ ගත් තීරණය වරදක් ලෙස දැකිය නොහැක. එසේ වුවද ක්‍රීඩා ලෝලීන්ට නම් ලකුණු හඹා නොයාම පිළිබඳ වේදනාවක් ඇතිවී ඇති බව කිව යුතුය.

1 comment:

  1. ටෙස්ට් තරගයක අන්තිම දිනයේ පන්දුවාර 71කදී ලකුණු 270ක ඉලක්කයක් හඹා යාම කියන්නෙ ලෙහෙසි ඉලක්කයක් නෙවේ. දිල්ශාන් හිටිය නම් තරගය වෙනස් වෙන්න ඉඩ තිබුන.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්