Saturday, February 19, 2011

2011 ලොක කුසලානයෙන් ශ්‍රි ලංකාව ඉදිරියෙන්ම....

වසර 2011 ලෝක ක්‍රිකට්‌ ශූරයන් නම් කිරීමේ ජාත්‍යන්තර මත විමසුමකට අනුව ශ්‍රී ලංකාව අදාළ ශූරතාව දිනනු ඇතැයි අනුමාන කරන ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතය 31% ක්‌ වෙයි. එය එහි ඉහළම ප්‍රතිශතය වේ. එහි දෙවැන්නට ඉන්දියාවද (29%) තෙවැන්නට පාකිස්‌තානයද (23%) සිව්වැන්නට දකුණු අප්‍රිකාවද (8%) සහ ඔස්‌ටේ්‍රලියාව පස්‌වැන්නටද (6%) පත්ව ඇත. 
මෙතෙක්‌ පවත්වා ඇති තරගාවලිවලදී ඔස්‌ටේ්‍රලියාව හතර වතාවක්‌ද (1987, 1999, 2003 සහ 2007) බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම දෙවතාවක්‌ද (1975,1979) සහ ඉන්දියාව (1983) පාකිස්‌තානය (1992) සහ ශ්‍රී ලංකාව (1996) එක්‌ වතාව බැගින්ද අදාළ ශූරතාව දිනා ඇති අතර ඔස්‌ටේ්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙවර "විජයග්‍රාහී කුසලාන" ආසන්නයටම පැමිණෙනු ඇතැයි ක්‍රිකට්‌ ජාත්‍යන්තර නිරීක්‍ෂක මතය වී ඇත.
එක්‌දින තරග නවතම ජාත්‍යන්තර වර්ගීකරණය අනුව අදාළ කණ්‌ඩායම් පෙළ ගැසීම ඔස්‌ටේ්‍රලියාව (1), ඉන්දියාව (2), ශ්‍රී ලංකාව (3), දකුණු අප්‍රිකාව (4), එංගලන්තය (5), පාකිස්‌තානය (6), නවසීලන්තය (7), බංග්ලාදේශය (8), බටහිර ඉන්දීය කොදෙව් (9), අයර්ලන්තය (10), සිම්බාබ්වේ (11), නෙදර්ලන්තය (12), කෙන්යාව (13), වශයෙනි. 2011 පෙබරවාරි 6 වැනි නමින් වන අදාළ වර්ගීකරණයට කැනඩාව අංක 16 වශයෙන් ඇතුළත් කොට ඇත.  

3 comments:

  1. මොන මත විමසුම තිබුනත් අවසානෙදි හැම දේම තීරනය වෙන්නෙ, අපේ අය ක්‍රීඩා කරන හැට්යටනෙ

    ReplyDelete
  2. Luck is everything in cricket. The one who perform that day will win.

    ReplyDelete
  3. @ සංහිඳ පාමුළ : ඒක ඇත්ත මොකද? sms වලින් නෙමෙනෙ cup එක දෙන්නෙ...

    ඒත් පොඩ්ඩක් moral up කිරීම ගැන ස්තුතියි

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්