Sunday, July 24, 2011

ඕස්ටේ‍්‍රලියාවන්ට එරෙහිව තරග බිමට තරංගත් එයි


මේ වන විට මාස තුනක තරග තහනමකට ලක්ව සිටින ආරම්භක පිතිකරු උපුල් තරංග, ලබන මාසයේදී
 ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ ටෙස්ට් තරග සඳහා සහභාගිවීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට්
ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. මෙම තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද 20 දෙනකුගෙන් සමන්විත
සංචිතයට තරංග ඇතුළත් වී නොතිබිණ.

”අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් නියම කරන ලද තරග තහනමකට තරංග මුහුණ දී තිබෙන නිසා කිසිම
ආකාරයේ නිල ලේඛණයකට ඔහු ඇතුළත් කරගැනීම අපට කළ නොහැකියි. ඒත් අගෝස්තු 9 වැනිදා
ඔහුගේ තරග තහනම අවසන් වුණාට පස්සේ ඔහුව ශී‍්‍ර ලංකා සංචිතයට ඇතුළත් කළ හැකියි” යයිද එම
නිලධාරියා පැවසීය.

 ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි/20 තරග දෙකත් පළමු එක්දින තරගයත් තරංගට අහිමි
විය හැකි නමුත් තරගාවලියේ සෙසු තරග වලට සහභාගි වීමේ අවස්ථාව ඔහුට තිබේ.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්