209137

Friday, April 27, 2012

රුපියලේ අගය යළිත් වේගයෙන් පිරිහීම ලක්‌වේ

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය යළිත් වේගයෙන් පිරිහීමට ලක්‌වෙමින් තිබේ. මේ අනුව ඊයේ (26 දා) දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 133.98 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි.                                                                                            ...

ආයතන 6 ක වැටුප් වැඩිලු

ඛනිජ තෙල් සංස්‌ථාව, ලංකා විදුලිබල මණ්‌ඩලය, ජල සම්පාදන මණ්‌ඩලය, වරාය, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රජයේ ආයතන හයක සේවකයන්ගේ ආදායම් බදු රුපියල් කෝටි 230 ක්‌ (බිලියන 2.3 ක්‌) 2010 වසරේදී ආණ්‌ඩුව විසින් ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ඇමැති ඩියු ගුණසේකර මහතා ඊයේ (26 දා) ප්‍රකාශ කළේය. සහෝදරියන් හයදෙනා යනුවෙන් හඳුන්වන රජයේ මෙම ප්‍රධානම ආයතන හයේ සේවකයන් විශාල ලෙස වැටුප් ලබන බව ද කාර්යාලය ශුද්ධ පවිත්‍ර කරන කම්කරුවාගේ මාසික වැටුප පමණක්‌ රුපියල් 25000 කට අධික බව ද ගුණසේකර මහතා ඊයේ...

Tuesday, April 24, 2012

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි ද?

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කොට ඒ වෙනුවට ලබන වසරේ සිට ජාතික ඇගැයීම් විභාගයක්‌ පැවැත්විය යුතු බවට නව අධ්‍යාපන පනත සකස්‌ කිරීමේ යෝජනාවලිය නිර්දේශ කර ඇත. අධ්‍යාපත ඇමති බන්දුල ගුණවර්ධන මහතා සභාපතිත්වය දරන අධ්‍යාපනය පිළිබඳ උපදේශ කාරක සභාවට මේ යෝජනාවලිය මැයි මාසයේ දී ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත ය. අධ්‍යාපන පනත සකස්‌ කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්‌ෂ නියෝජිතයන්, විවිධ සංවිධාන මෙන් ම පුද්ගලයන් ද ඉදිරිපත් කළ අදහස්‌ අනුව මේ යෝජනාවලිය සකස්‌ කර ඇති අතර එහි සිංහල පිටපත මේ වන විට සකස්‌ කර අවසන් ය. එය දෙමළ භාෂාවට හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය...

Monday, April 23, 2012

අර්ජුනගේ ප‍්‍රකාශය ගැන මහේල අදහස් දක්වයි

ඉන්දියාවේ  ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘අයි. පී. එල්.’ තරගාවලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක අර්ජුන රණතුංග ප‍්‍රකාශ කරන අදහස් ඔහුගේ ස්වාධීන අදහස් මිස ඒ සම්බන්ධයෙන් තමන්ට කිව හැකි කිසිවක් නැතැයි ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පැවසූ බව යයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි. ඉන්දියාවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මහේල මේ බව පවසා තිබේ. මේ දිනවල පැවැත්වෙන අයි. පි. එල් තරගාවලියේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන මහේල එහි උපනායකයා ලෙසද කටයුතු කරයි. අර්ජුන රණතුංග පවසා සිටියේ අයි. පී. එල්...

ක්‍රිකට්‌ ක්‍රීඩක මුබාරක්‌ යතුරුපැදිකරුවකු හප්පා ක්‍රීඩකයා අත්අඩංගුවේ යතුරුපැදිකරු මරුට

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක ජෙහාන් මුබාරක්‌ මහතා විදේශිකයන් පිරිසක්‌ සමඟ විල්පත්තු අභයභූමිය නරඹා කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය හලාවත නගරයේදී ඊයේ (22 දා) දහවල් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ එක්‌ පුද්ගලයකු එතැනම මියගිය අතර තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා හලාවත රෝහලින් කොළඹ මහ රෝහලට පිටත්කර යවා තිබේ. අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ ක්‍රීඩක මුබාරක්‌ මහතා සහ ඩිපෙන්ඩර් ජීප් රථයද අත්අඩංගුවට ගෙන තිබේ. හලාවත මයික්‌කුලම ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරින් දුම්මලසූරිය...

Sunday, April 22, 2012

උසස් පෙළ කරන්න කලින් කියවන්න

කලාද? වාණිජ්‍යයද? ජෛවීය විද්‍යාවද? භෞතික විද්‍යාවද? මේ සියල්ල අතුරින් අවසානයේ එක් විෂය ක්‍ෂේත්‍රයක් තෝරා ගන්න යැයි ඔබට කිවහොත් ඔබේ තෝරා ගැනීම කුමක්විය හැකිද? බැලූ බැල්මට එය සරල සහ පහසු තෝරා ගැනීමක් සේ පෙනුනත් මෙම තෝරා ගැනීම නිවැරදිව සිදුකර ගැනීම තරමක අභියෝගයක්. සෑම වසරකම අපේ රටේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වූවායින් පසුව මෙම අභියෝගය සමාජගත වීම ආරම්භ වෙනවා. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මත උසස් පෙළට විෂය මාලාවන් තෝරා ගැනීම ඉතාමත් කල්පනාකාරීව...

Saturday, April 21, 2012

ගේල්ගේ හයේ පහරෙන් තුවාල වු දැරිය බලන්න රෝහලට යයි

රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස්‌ ගේල් එල්ල කළ හයේ පහරකින් ප්‍රේක්‍ෂකාගාරයේ සිටි 10 හැවිරිදි දැරියක්‌ තුවාල ලබා ඇත. රෝයල් චැලේන් බැංගලෝ සහ පූනේ වොරියර්ස්‌ අතර තරගයේදී රාහුල් ෂර්මා විසින් යවන ලද එක්‌ පන්දුවාරයකදී ගේල් පිට පිටම හයේ පහර පහක්‌ එල්ල කරන ලදී. එහිදී ඔහු විසින් එල්ල කළ සිව්වැනි හයේ පහර ප්‍රේක්‍ෂකාගාරයේ සිටි 10 හැවිරිදි ටියා නම් දැරියගේ නාසයේ වැදී ඇය තුවාල ලබා බැංගලෝර් රෝහල වෙත රැගෙන ගොස්‌ ඇත. තරගය අවසානයේදී අදාළ සිද්ධිය දැනගත් ක්‍රිස්‌ ගේල් මහත් ...

Thursday, April 19, 2012

කොළඹ නගරය තුළ විශේෂ මෙහෙයුම් සඳහා සී.සී.ටී.වී. කැමරා සවිකරන ලද වෑන් රථයක්

කොළඹ නගරය තුළ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය සවිකිරීමේ ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස නූතන තාක්ෂණයෙන් සමන්විත වෑන් රථයක් කොළඹ නගරය තුළ විශේෂ මෙහෙයුම් සඳහා හඳුන්වා දුන් අතර ඉදිරි මාසය තුළදී මෙවැනි රථ දෙකක් සේවයේ යෙදවීමට බලා‍පොරොත්තු වන බව ‍පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා පවසයි. හඳුන්වා දෙන ලද සී.සී.ටී.වී. කැමරා සවිකරන ලද වෑන් රථයේ ඇති විශේෂ කැමරා මගින් කිලෝමීටර් 1.5 පමණ දුරක් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි අතර මීටර් 150 පමණ දුරකින් වූ වාහන අංකයක් පවා පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බවත් දිසා 32ක් ඔස්සේ මෙම කැමරා මෙහෙයවීමටත් ගන්නා දර්ශන පාලක...

Wednesday, April 18, 2012

ඇන්ජලෝ මැතිව්ස්ව IPL ගිල ගනියිද?

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළහොත් ඔහුගේ ක‍්‍රීඩා දිවිය කෙටි විය හැකි බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් පවසනවා. විශේෂයෙන්ම මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී පූනේ වොරියර්ස් කණ්ඩායමට පන්දු යවන්නෙකු ලෙස එක්වන මැතිව්ස් මේ පිළිබද අවධානය යොමු කළ යුතු බවයි තේරීම් කමිටු ප‍්‍රධානියා පෙන්වා දෙන්නේ. පසුගිය කාලසීමාව තුළ ආබාධ කිහිපයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්නෙකු ලෙස තරග බිමට පිවිසුණහොත් එම ආබාධ උත්සන්න විය හැකි බවයි අසන්ත ද මෙල් පවසන්නේ. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්...

ඉන්දියන් වාහන විකිනීම තවත් අසීරු වේ

පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් අතර ඊයේ (17 වැනිදා) සවස අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව පාවිච්චි කරන ලද වාණිජ්‍ය වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්‌වාද දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත. පාවිච්චි කරන වාහන ගෙන්වන්නේ ජපානයෙන්ය. ඉන්දියාවෙන්...

Tuesday, April 17, 2012

ලන්ඩන් ඔලිම්පික්‌ තරගාවලියට නව ඇදුමක් - කොන්ත්‍රාත්තුව ලංකාව

ලන්ඩන් ඔලිම්පික්‌ - 2012 තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකා තරග නිල ඇඳුම් නිපදවීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ නිමි ඇඳුම් කර්මාන්ත ආයතනයකට ලැබී ඇතැයි වාර්තා වේ. ජගත් ඔලිම්පික්‌ කමිටුව අනුබද්ධිත රටවල් 204 න් රටවල් 92 ක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා යෝජිත මෙම නිල ඇඳුම් සැපයීමේ ලොව ප්‍රධානතම ක්‍රීඩා ඇඳුම් සහ භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයකට හිමිවී ඇති අතර, එම ආයතනය අපේකෂිත අවසන් කාර්යය වන එම ඇඳුම් මසා නිම කිරීම මෙසේ ශ්‍රී ලංකා ඇඟලුම් ආයතනයට පවරා ඇත. අදාළ ජාත්‍යන්තර ක්‍රීඩා භාණ්‌ඩ සහ ඇඳුම් නිෂ්පාදන ආයතනය...

Sunday, April 15, 2012

සාපෙළට උසස්‌ පෙළ කලවම් කිරීම ටියුෂන් මාස්‌ටර්ලගෙ වැඩක්‌!

සාමාන්‍ය පෙළ සිසුන් තව තවත් පෞද්ගලික උපකාරක පන්ති සඳහා යොමු කෙරෙන උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළට ඇතුළත් කිරීමේ යෝජනාව අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත්තේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන නියෝජිතයන් බව අනාවරණය වී ඇත. මෙම යෝජනාව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා දැනටම ප්‍රකාශ කර ඇති අතර එය ක්‍රියාත්මක කළහොත් 12 - 13 ශ්‍රේණිවල සිසුන් පෞද්ගලික උපකාරක පන්තිවලට යැමේ සහ පාසල් නොපැමිණීමේ රටාව 10 - 11 ශ්‍රේණිවල සිසුන් අතරට ද ගලා එනු ඇත යන්න ජාතික අධ්‍යාපන ආයතනයේ විෂය අධ්‍යක්‍ෂවරුන්ගේ...

Thursday, April 12, 2012

යුව්රාජ් සිං ඉදිරි දින 15 තුළ නැවතත් පුහුණුවීම් වලට

පිළිකා රෝගයෙන් කලක් පීඩා විදි ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක යුවරාජ් සිං අද (11) පළමුවරට මාධ්‍ය හමුවකට එක්වුණා. ඔහු කියා සිටියේ දැන්ම ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරතවීමට බලාපොරොත්තුවක් නොමැති බවයි. තමා පිළිකා රෝගයෙන් පීඩා විඳි කාලය තුළ ජීවිතය සහ ක‍්‍රීඩාව ගැන තිබූ අදහස වෙනස් වී ඇති බවද ඔහු ප‍්‍රකාශ කළා. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුව්රාජ් සිං ඉදිරි දින 15 තුළ නැවතත් පුහුණුවීම් ඇරඹීමේ සූදානමින් පසු වන බව වාර්තා වේ.   පිළිකාවක් හේතුවෙන් කලක් ක්‍රීඩාවෙන්...

Wednesday, April 11, 2012

අයි පී එල් කඩුලූ 65ක් ගෙන මාලිංග එකට එයි

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ වැඩිම කඩුලූ ලැබූ ක‍්‍රීඩකයා බවට මුම්බායි ඉන්දියන්ස් පිලේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ලසිත් මාලිංග පත් වී තිබෙනවා. ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලි 4 ක් මේ වන විට පවත්වා ඇති අතර මෙවර පැවැත්වෙන්නේ පස්වන තරගාවලියයි. මෙවර තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිල මුහුණ දුන් දෙවන තරගයේ දී මාලිංග මෙතෙක් අයි පී එල් වැඩිම කඩුලූ සංඛ්‍යාව සදහා පැවති වාර්තාව අභිබවා යාමට සමත් වුණා. ඉන්දීය ක‍්‍රීඩක ආර් පී සිං කඩුලූ 64 ක් ලබා...

Monday, April 9, 2012

රංගන හේරත් 5 ස්ථානය දක්වා ඉදිරියට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රංගන හේරත් සමත් විය. මේ අතර කලක් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පෙරමුණේ රැඳී සිටි කුමාර් සංගක්කාරට මේ වන විට පස්වැනි ස්ථානය හිමිව තිබේ. රංගන හේරත් ටෙස්ට් පන්දුයැවීමේ ලේඛනයේ ඉදිරියට පැමිණියේ, නිමා වූ එංගලන්ත -  ශ්‍රී ලංකාව තරගාවලියේදි ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙනි. මෙම තරගාවලිය ආරම්භ වනවිට ඔහු ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත...

Saturday, April 7, 2012

ඩිල්ශාන්ට දඩ අද මහේලගේ දවසයි

ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්තයට වඩා ලකුණු 33ක් ඉදිරියෙන් සිටිනවා. ශ‍්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 275ක් රැස් කළ අතර එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 460ක්.  මහේල සහ තිලාන් එක්ව බිඳවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමේ සටන දියත් කළද දිනයේ අවසන් පන්දුවාරයට පෙර ස්වෝන් යැවූ පන්දුවාරයේ තිලාන් සහ රන්දිව් දැවී යෑමෙන් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත් විය. යළිත් වරක් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ගැලවුම්කරුවා වූ නායක මහේල ජයවර්ධන විශිෂ්ට ඉනිමක නිරතවෙමින් හතරේ පහර 4 ක් සහිතව නොදැවී ලකුණු 55ක් ලබා සිටියි.මහේලට අනගි සහයක්...

වැඩිම ජංගම දුරකථන භාවිතා කරන දුගී ජනතාව ශ‍්‍රී ලංකාවේ

මෙරට දුගී ජනතාව අතර ජංගම දුරකථන භාවිතය සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතින බව තායිලන්තයේ පිහිටි තොරතුරු විශ්ලේෂක සමාගමක් විසින් සිදුකළ සමීක්ෂණයකදී හෙළිවී තිබෙනවා. සමීක්ෂණය සිදුකිරීමේදී ශ‍්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය යන රටවල වාසය කරන  දුගී ජනතාව පාදක කරගෙන ඇති අතර, ඒ අතුරින් වැඩිම ජංගම දුරකථන සංඛ්‍යාවක් භාවිත කරන දුගී ජනතාව වෙසෙන ආසියාතික රට වන්නේ ශ‍්‍රී ලංකාවයි. මීට අමතරව මෙරට තුළ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සහ ගොවි ජනතාව අතර ද ජංගම දුරකථන භාවිතය ඉහළ ගොස් තිබෙනවා. ජංගම දුරකථනය, ශ‍්‍රී ලංකාවේ දුගී ජනතාවගේ ජීවන...

Thursday, April 5, 2012

කි‍්‍රකට් කී‍්‍රඩාවට අසීරුම තැන ශී‍්‍ර ලංකාවයි -ඇලෙක් ස්ටුවර්ට්

ලෝකයේ කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමට ඉතාමත් අසීරු ස්ථානය ශී‍්‍ර ලංකාවයි. ඊට හේතුව දැඩි අවු රශ්මිය පමණක් නොවේ. අධික දහදිය දැමීමත් එයට බලපානා විශාල හේතුවකි. පන්දුවට පහර දුන්නත්, පන්දු යැවුවත්, පන්දු රැකීමේ යෙදුණත් මේ තත්ත්වයෙන් ගැළවීමක් නැත. පන්දු  ඕවර කිහිපයක් යැවීමෙන් පසුව පන්දු යවන්නන්ගේ කමිස දහදියෙන් පෙගී යන අතර පන්දුවට පහර දෙන්නේ නම් සෑම විනාඩි 20 කට වරක්ම අත් ආවරණ මාරු කිරීමට සිදුවෙයි. මේ තත්ත්වය නිසා කී‍්‍රඩකයන් තමන්ට ගැලපෙන දියර වර්ග ශී‍්‍ර ලංකාවට රැගෙන යාම අත්‍යවශ්‍ය කාරණයකි. දිනයේ කී‍්‍රඩාව ආරම්භයේදීද, සෑම පැය දෙකකට වරක්ද කී‍්‍රඩකයන්ගේ...

Wednesday, April 4, 2012

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසියි ද?

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර ඒ වෙනුවට ලබන වසරේ සිට ජාතික ඇගයීම් විභාගයක්‌ පැවැත්විය යුතු බවට නව අධ්‍යාපන පනත සකස්‌ කිරීමේ යෝජනාවලියෙන් නිර්දේශ කර ඇත. මීට අමතරව දිළිඳු දරුවන් හඳුනාගෙන ඔවුන්ට පළමු ශ්‍රේණියේ සිටම ආධාර කළ යුතු බව ද එහි සඳහන් වේ. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සභාපතිත්වය දරන අධ්‍යාපනය පිළිබඳ උපදේශක කාරක සභාවට මෙම යෝජනාවලිය ලබන මැයි මාසයේදී ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතය. අධ්‍යාපන පනත සකස්‌ කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ නියෝජිතයන්, විවිධ...