Wednesday, April 18, 2012

ඉන්දියන් වාහන විකිනීම තවත් අසීරු වේ

පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් අතර ඊයේ (17 වැනිදා) සවස අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව පාවිච්චි කරන ලද වාණිජ්‍ය වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්‌වාද දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

පාවිච්චි කරන වාහන ගෙන්වන්නේ ජපානයෙන්ය. ඉන්දියාවෙන් ගෙන්වන්නේ අලුත් බ්‍රෑන්ඩ් නිව් වාහන පමණක්ය. පරණ වාහන වල කාල සීමාව වැඩි වෙත්දී බද්ද අඩු වෙන්නේය. එම නිසා ජපන් රීකන්ඩිෂන් වාහන වල මිල අඩු වෙන අතර ඉන්දියන් වාහන වල මිල වැඩිය.
ඊයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති යෝගා පෙරේරා යන මහත්වරුද වාහන ආනයනකරුවන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක්‌ද සහභාගි වූහ.

4 comments:

  1. ඉන්දියන් වාහන විකිනීම තවත් අසීරු වේ.
    Heading එකේ කියවෙන දේ ලිපියෙන් කියැවිලා නෑ නේ.
    කොහෙද indian වාහන විකුනන්න බෑ කියල ලියල තියෙන්නේ.

    ReplyDelete
  2. @Ano yako ubata oka therenne nedda den marutiya laksha 17 , e ganata tikak parana unath corolla / sunny ekak gaththa heki ne...

    ReplyDelete
  3. මොකා උනත් උඩම එකා කියල තියෙන්නේ ඇත්ත නේ බන්.

    ReplyDelete
  4. මොකා උනත් උඩම එකා කියල තියෙන්නේ ඇත්ත නේ බන්.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්