Sunday, April 15, 2012

සාපෙළට උසස්‌ පෙළ කලවම් කිරීම ටියුෂන් මාස්‌ටර්ලගෙ වැඩක්‌!

සාමාන්‍ය පෙළ සිසුන් තව තවත් පෞද්ගලික උපකාරක පන්ති සඳහා යොමු කෙරෙන උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළට ඇතුළත් කිරීමේ යෝජනාව අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත්තේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන නියෝජිතයන් බව අනාවරණය වී ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා දැනටම ප්‍රකාශ කර ඇති අතර එය ක්‍රියාත්මක කළහොත් 12 - 13 ශ්‍රේණිවල සිසුන් පෞද්ගලික උපකාරක පන්තිවලට යැමේ සහ පාසල් නොපැමිණීමේ රටාව 10 - 11 ශ්‍රේණිවල සිසුන් අතරට ද ගලා එනු ඇත යන්න ජාතික අධ්‍යාපන ආයතනයේ විෂය අධ්‍යක්‍ෂවරුන්ගේ ද අදහස වී තිබේ.

මීට අදාළ ක්‍රියාකාරී සැලැස්‌මක්‌ ජාතික අධ්‍යාපන ආයතනය විසින් මේ වනවිට සකස්‌ කරනු ලැබ ඇති අතර එය ක්‍රියාවට නැගීමේද උද්ගත විය හැකි ගැටලු පිළිබඳව ද අවධානය යොමුකරනු ලැබ ඇත. මෙම යෝජනාව පෞද්ගලික උපකාරක පන්ති පවත්වන නියෝජිතයන්ගේ දූරදර්ශී අපේක්‌ෂාවක්‌ වූවා වන්නට ද පුළුවන් යෑයි එම ගැටලුවලට අදාළ කොටසේ සඳහන් කර තිබේ.

ජාතික අධ්‍යාපන ආයතනය සකස්‌ කර ඇති ක්‍රියාකාරී සැලැස්‌මට අනුව සාමාන්‍ය පෙළ භාර විෂයයන් හයට අමතරව උසස්‌ පෙළ හැදෑරීමට අපේක්‌ෂා කරන විෂයයන් තුනක්‌ ද තෝරාගත යුතුය. මෙලෙස උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළට ඇතුළත් කිරීමෙන් සාමාන්‍ය පෙළ සිසුන් තවතවත් පෞද්ගලික උපකාරක පන්තිවලට යොමුවීම වැළැක්‌විය නොහැකි බව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විද්වත්හු ද ප්‍රකාශ කරති.

1 comment:

  1. මෙහෙම කරන එකේ හොද පත්තකිත් තියනවා කියල හිතෙන නැද්ද ? සා/පෙ හා උ/පෙ අතර තියන අති විශාල පරතරය අඩු කරගන්න පුළුවන් .. ඒ හින්ද එතකොට සා/පෙ කරන ළමය දන්නවා උ/පෙ තියන සංකීර්ණ කම ඒ හින්ද තමන්ට නොගැලපෙන විෂයන් කරන්න ගිහින් අමාරුවේ වැටෙන් නෑ ..

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්