Wednesday, August 15, 2012

වැටුප් විෂමතා ඉවත් නොකරන්නේ නම් තෙවැනි පාසල් වාරයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගක

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළුව අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්‌ නොලැබෙන්නේ නම් තෙවැනි පාසල් වාරයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ගුරු හා විදුහල්පති සංගම් නවයක නියෝජිතයෝ තීරණය කර සිටිති.

ලංකා ගුරු සංගමය, සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය, සමස්‌ත ලංකා ජාතික අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රෝණිධාරී විදුහල්පති සංගමය, ස්‌වාධීන අධ්‍යාපන සේවක සංගමය, පොදු අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය හා ජාතික විදුහල්පති සංගමය ඇතුළු වෘත්තීය සංගම් නවයක්‌ විසින් ඉල්ලීම් 13 ක්‌ අමාත්‍යාංශයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස්‌ කරන ලද අතුරු වැටුප් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම, ගුරු හා විදුහල්පති සේවා ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් සමග සාකච්ඡා කිරීම ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඇතුළුව අමාත්‍යාංශයට ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳ මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැතැයි කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම සංගම් නියෝජිතයෝ ඊයේ (14 වැනිදා) පැවසූහ.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් තවදුරටත් අමාත්‍යාංශය නිහඬව සිටින්නේ නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට හානියක්‌ නොවන අයුරින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවද ඔවුහු කීය.

1 comment:

  1. බලපෑම් කරේ නැත්නම් කිසි දෙයක් දිනාගන්න පුලුවන්ද ?

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්