Wednesday, November 9, 2011

කැම්පස් ලැප්ටොප් වලට රස්සාවක් ලැබෙන තුරු පොලිය ගෙවීම අනිවාර්යයි

මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන නවක සිසු සිසුවියන්ට ලබාදෙන ලැප්ටොප් පරිගණක සඳහා රැකියාවක්‌ ලැබෙන තෙක්‌ වන වසර කිහිපයේ පොලියද එකතු කෙරෙන නිසා දෙමව්පියෝ දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

උපාධිය ලබා රැකියාවක්‌ද හිමිවීමෙන් පසුව ගෙවීමේ පදනම මත ලැප්ටොප් ලබාදෙන බව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළද අවම වශයෙන් වසර තුනක පොලිය අමතරව එකතු වන නිසා ලැප්ටොප් පරිගණකයක්‌ සඳහා වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිලට වඩා කිහිපගුණයක්‌ අවසානයේ ගෙවීමට සිදුවන බවද ඔවුහු පවසති. දරුවන්ට සහනයක්‌ වශයෙන් අමාත්‍යාංශය මෙම ක්‍රමය ආරම්භ කළද සත්‍ය වශයෙන්ම සිදුවන්නේ අමතර බරක්‌ දෙමව්පියන්ට පැටවීම යෑයිද දෙමව්පියෝ සඳහන් කරති.

මෙම අමතර පොලී ගෙවීම පිළිබඳව නොදැන දැනට ඇතැම් සිසුන් පරිගණක ලබාගෙන ඇති අතර ඇතැම් දෙමව්පියෝ පරිගණක ලබාගැනීම ප්‍රතික්‍ෂේප කර සිටිති.

බැංකු ණය ක්‍රමයක්‌ යටතේ සිසුන්ට පරිගණක ලබාදෙන හෙයින් අදාළ ණය මුදලට පොලියක්‌ ගෙවීම අනිවාර්ය යෑයි මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.

1 comment:

  1. අපි හිතුවා ඔහොම දෙයක් වෙයි කියලා. බල මාළු කෑවා නම් විදවපන් කිව්වලු !!!
    ඔය සුමනබණ්ඩා දිසානායක කියන එකා මීයක් කඩන්නේ අතලෙව කන්න නෙමේ කියලා දැන ගන්නකොට මේ අම්මලා පරක්කු වැඩියි!!!

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්