Thursday, January 13, 2011

ලෝක කුසලාන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් 100 ක්‌ තහනම් උත්තේජක පරීක්‍ෂාවට

එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග ආශ්‍රිතව තහනම් උත්තේජක පරීක්‍ෂණ 100 ක්‌ පමණ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය (අයි.සී.සී.) කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ අධිකාරියේ නියමයන්ට අනුව අයි.සී.සී. යේ සෘජු අධීක්‍ෂණය යටතේ මෙම පරීක්‍ෂණ සිදුකිරීම සඳහා අදාළ මෙරට බලධාරීන් වන ජාතික තහනම් උත්තේජක නිවාරණ අධිකාරිය යොදා ගැනෙනු ඇත.

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ජාතික තහනම් උත්තේජක නිවාරණ අධිකාරිය සමග අයි.සී.සී. යේ තහනම් උත්තේජක නිවාරණ කමිටු කළමනාකාරිණී වෛද්‍ය ලොරින්ඩා රෝගුස්‌ පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති හමුවකදී එම පරීක්‍ෂණ සිදුවිය යුතු ආකාරය පිළිබඳව දැනුම් දී තිබේ.

ඒ අනුව තරග අවස්‌ථාවලදී මෙන්ම තරග රහිත විවේක අවස්‌ථාවලදීද දැනුම් දෙන පරිදි ක්‍රීඩකයන්ගේ මුත්‍ර සාම්පල ලබාගැනීමට සූදානමින් සිටිය යුතු බව අයි.සී.සී. නියෝජිතවරිය ජාතික අධිකාරියට උපදෙස්‌ දී ඇත.

එම උපදෙස්‌ වලට අනුව සෑම තරගයක්‌ අවසානයේදීම එක්‌ පිලකින් දෙදෙනකු බැගින් ක්‍රීඩකයන් සිව්දෙනකු පරීක්‍ෂණයට ලක්‌කෙරෙණු ඇත.

තරගයක්‌ ඇරඹීමට ප්‍රථම තරග තීරකවරයා සහ දෙපිලේ කළමණාකරුවන් ඉදිරියේ කණ්‌ඩායම්වල පිතිකරු ලැයිස්‌තුවේ අංකවලට අයත්ව සිදුකෙරෙන කුසපත් ඇදීමකින් එම තරගයේදී පරීක්‍ෂාවට ලක්‌කෙරෙන ක්‍රීඩකයන් සිව්දෙනා අහඹු ලෙස තෝරාගැනීමට නියමිතය.

තරගයක්‌ මුත්‍ර සාම්පල දකුණු අප්‍රිකාවේ පිහිටි අයි.සී.සී. යේ තහනම් උත්තේජක පරීක්‍ෂණාගාරය වෙත යෑවෙනු ඇත.

කොළඹින් පිට පැවැත්වෙන තරගවලදී ලබාගන්නා සාම්පලද එදිනම කොළඹට එවීමට කටයුතු කරනු ලබන අතර අදාළ මුත්‍ර සාම්පල ආරක්‍ෂිත රැකවල් මධ්‍යයේ ප්‍රවාහනය කරනු ඇත.

ලෝක කුසලාන තරගාවලිය සමයේ තරග පැවැත්වෙන රටවල් තුනෙහිදීම (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලිදේශය) තරග පැවැත්වීමේදී සහ තරග රහිත අවස්‌ථාවලදී ක්‍රීඩකයන්ව අහඹු වශයෙන් මෙම පරීක්‍ෂණයට ලක්‌ කරනු ඇත .

1 comment:

  1. සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම සදහා ඔබේ තේරීම ලකුණු කරන්න
    සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය ඔබේ බ්ලොග් අඩවියද?
    විස්තර "සින්ඩි ලංකා" හි
    "සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම" පිටුවේ.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්