Tuesday, January 18, 2011

අසිරිමත් කැලණි පුද බිමේ අසිරිමත් සිදුවීමක්‌


කැලණි රජමහා විහාරයේ දුරුතු මහ පෙරහැර පූජෝත්සවයේ උඩමළුවේ පෙරහැර ආරම්භවීමට පැයකට පමණ පෙර චෛත්‍යරාජයාණන් වහන්සේ ජයාරූප ගත කළ මොහොතේ එම ඡායාරූපයෙහි සටහන් වූ මේ සුවිශේෂ ආලෝක වෘත්තිය කුමක්‌ද? පළමු ඡායාරූපයේ එවැනි යමක්‌ දුටු සැණින් තත්පර දෙකක්‌ ඇතුළත ගත් අනෙක්‌ ඡායාරූපයේ අඳුරු අහස පමණක්‌ සටහන් වීමද සුවිශේෂ සිදුවීමකි. එම මොහොතේම ඩිජිටල් කැමරාවේ ඡායාරූපය දැකීමෙන් කැලණි රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත හිහිපාණන් කියා සිටියේ කැලණි රජමහා වෙහෙරෙහි දෙවියන්ද වැඩවසන බවත් මෙය නියත වශයෙන්ම ඒ හා සම්බන්ධ වූ සිදුවීමක්‌ විය හැකි බවයි.

12 comments:

  1. ජායාරුපය ගන්නා මොහොතේ කැමරාව ඉදිරියට වැටුනු ජල බින්දුවක පරාවර්තිත ප්‍රතිබිම්බය වියහැකියි.....

    ReplyDelete
  2. කැමරාවේ flasher එක වැදුනා නේද? අනිවාර්යයෙන්‍ පොඩි වතුර බිංදුවක ප්‍රතිබ්ම්බයක්.. මගේ ගාව ඔය වගේ photo ඕන තරම් තියේ.

    ReplyDelete
  3. මේ පින්න වල ප්‍රතිබිම්භ

    ReplyDelete
  4. මාගේ ගාවත් මේ ව‍ගේ ඡායාරුප ඕන තරම් තියනවා.ම‍‍ම හිතන්නේ කාචය මත රැදි ඇති ජල අංශු නිසා ඇතිවන දෙයක් කියලා ඡායාරුප කිහිපයක් ගත්තට පස්සේ මගේ Camera එකනම් හරියනවා. මේ ගැන අමුතු විස්තර රුජිණ පත්තරේත් යනවා.

    ReplyDelete
  5. හොඳටම බීලා ඉන්න තැන් වල ගත්ත ෆොටෝ වල පවා මේ වගේ දේවල් දැකලා තියෙනවා. ඩිජිටල් කැමර වල තියෙන පොදු දෙයක් ඕක. දෙවියෝ කියලා විස්වාස කරන්න එපා මොකද ඒක බොරු කියලා ඔප්පු වුන දාට බුද්දාගමත් බොරු කියලා ඔප්පු කරන්න සමහරු උත්සාහ කරවි.

    ReplyDelete
  6. ස්වාභාවික සංසිද්ධි වලට අනවශ්‍ය ගුප්ත භාවයක් ඇතුලත් කරන්න එපා. එහෙම කලාම කවද හරි ඒ සංසිද්ධිය පැහැදිලි කලාම අර විශ්වාශයත් එක්ක බැඳිච්ච ඔක්කොම දේවල් නැතිවෙනව. මට හිතෙන විදියටනං ඒක අපරාදයක්.

    ReplyDelete
  7. Read this bro

    http://www.gossip9.com/2011/01/blog-post_18.html

    ReplyDelete
  8. කලින් කට්ටිය කියපු ඒවා හරි මොකද .......ජල බිංදු නිසා ආලෝකය පරාවර්ථනයෙන් ඇතිවෙන ඔය වගේ ලප ගොඩක් පින්තූර වල මම දැකලා තියනවා.

    ReplyDelete
  9. Hamuduruwo mahacharya unata, tak gaala nugath minissu modayata andawanda hadanawa.deviyo kiyala kiyala tiyanne, onama digital camera ekakin reta flash eka daala gaththama ena prathibimbayak.eka water waper wenda puluwan.mokada kalani gangath e asannayema nisa.eka tikak ara ira eliyak janelen watenakota duwili tiyanne ape ahata pena.anna e wage.ane manda buddimat minissu inna nisa hondai.anit ayawat gonata andanna kalin pahadili karapu eka.

    ReplyDelete
  10. http://en.wikipedia.org/wiki/Orb_(optics) okata kiyanne orbs kiyala oya page eke godak devivarunge photos thiyanawa lol

    ReplyDelete
  11. මෛටෝ හාමුදුරුවනේ ඔය .දන්නේ නැති කෙප්ප ඇත්ත වගේ අදබන් එපා.

    ReplyDelete
  12. කැලණිය සැ රජුන්ට නමස්කාර වේවා.. !!!🌼🌸💮☘️💠🙏

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්