Saturday, January 22, 2011

නව මෝටර් රථ සදහා වසරකින් පසු දුම් පරීක්ෂාව අනිවාර්යයි

නව මෝටර් රථ සදහා වසරකින් පසු දුම්පරීක්ෂාව අනිවාර්යය කිරීමට මෝටර් රථ කොමසාරිස් කාර්යාලය තීරණය තිබේ.


මෝටර් රථ කොමසාරිස් ජනරාල් ලලිත් ධර්මප්‍රිය මහතා සදහන් කළේ, එම නීතිය පෙබරවාරි පළමු වෙනිදා සිට ක්‍රියාත්මක බවය.

මීට පෙර එවැනි මෝටර් රථ සදහා  දුම්පරීක්ෂාව කළ යුතුව තිබුණේ මිලදී ගැනීමෙන් වසර තුනක් ඉක්මයාමෙන් පසව බවද ඔහු සදහන් කළේය.

ලලිත් ධර්මප්‍රිය මහතා පැවසුවේ, අදාළ නීතිය යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සදහා ද බලපාන බවය.

නිසියාකාර නඩත්තුවක් නොකිරීම හේතුවෙන් අළුතින් මිලදී ගන්නා වාහනවල දුම් පිටවීමේ ප්‍රවනතාව ඉහළ ගොස් ඇතී නිසා  මෝටර් රථ කොමසාරිස් කාර්යාලය අදාළ තීරණය ගෙන තිබේ.

මෙරටට ගෙන්වනු ලබන පාවිචිචි කරන ලද සියලුම වාහන ලියාපදිංචි කරන අවස්ථාවේදිම දුම් සහතිකය ලබා ගත යතු බවට පවතින නීතිය  එලෙසම ක්‍රියාත්මක වන බව මොටර් රථ කොමසාරිස්වරයා සදහන් කළේය.

3 comments:

  1. හෙණ ගහපන් මුන්ට

    ReplyDelete
  2. ආණ්ඩුවේ තවත් පීචං වැඩක්. කිතුල් ගහට ගිය එකාටත් කියන්න දෙයක් තිබුන එකේ මේක මොකක්ද?

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්