Saturday, March 5, 2011

ලෝක කුසලාන තරගාවලියේ "මහ ගැටුම" අද

1996 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහ තරගයේදී ඔස්‌ටේ්‍රලියාව පරාජය කිරීමෙන් පසු ලෝක කුසලාන තරගාවලියකදී ඔස්‌ටේ්‍රලියාව පරාජය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්‌ඩායමද ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ සහභාගි වූ අවසන් තරග 25 ම ජය ගනිමින් මෙතෙක්‌ රැකගෙන ආ ජයග්‍රාහී ගමන දිගටම පවත්වා ගැනීමේ අරමුණ ඇතිව ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමද අද (05 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයදී තරගයට පිවිසෙනු ඇත. තරගය ප.ව. 2.30 ට ආරම්භ වේ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ පාකිස්‌තානය හමුවේ පරාජය වීම මත ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්‌ථානයක්‌ දිනා ගැනීම සඳහා කිසියම් අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමට අද තරගයේ ජය දැඩිව තීරණාත්මක වන අතර එම හේතුවම ඔස්‌ටේ්‍රලියාවටද පොදුවන බැවින් කණ්‌ඩායම් දෙකම සිය උපරිමයම යොදවනු ඇත.

මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගනු ඇතැයි අපේක්‍ෂිත රටවල් දෙකක්‌ වන ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව ලෝක කුසලාන තරගවලදී අවස්‌ථා 7 කදී මුණ ගැසී තිබෙන අතර එහිදී 1996 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්‌ඩායම ඔස්‌ටේ්‍රලියාව කඩුලු 7 කින් පරාජය කරමින් ලෝක ශූරතාව දිනාගත් අවසන් මහ තරගය හැරෙන්නට සෙසු සියලුම තරග ඔස්‌ටේ්‍රලියාව හමුවේ පරාජය වී තිබේ. එමෙන්ම එක්‌දින ක්‍රිකට්‌ තරග ඉතිහාසයේදී අවස්‌ථා 71 කදී දෙරට මුණ ගැසී තිබෙන අතර එහිදී 47 වතාවක්‌ ඔස්‌ටේ්‍රලියාවද 22 වතාවක්‌ ශ්‍රී ලංකාවද ජයග්‍රහණ අත්කරගෙන තිබේ. තරග 2 ක ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියකදී අවසන් වරට දෙපිළ 2007 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී මුණ ගැසුණු අතර (එම තරගය ඔස්‌ටේ්‍රලියාව ලකුණු 53 කින් ජය ගෙන තිබේ) එම තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්‌ඩායම අවස්‌ථා 7 කදී ඔස්‌ටේ්‍රලියාව සමඟ තරග වැදී තිබේ. එම අවස්‌ථා 7 න් තෙවතාවක්‌ම ශ්‍රී ලංකා කණ්‌ඩායම ජයග්‍රහණය කර තිබෙන අතර එම අවස්‌ථා තුනම ඔස්‌ටේ්‍රලියාවේදී ජයගැනීම විශේෂත්වයක්‌ වේ.

ආබාධ හේතුවෙන් පළපුරුදු ක්‍රීඩකයන් කිහිපයක්‌ නොමැති ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට පැයට කිලෝ මීටර 150 ඉක්‌මවා පන්දු යෑවීමට හැකි පන්දු යවන්නන් තිදෙනකුගෙන් (බ්‍රෙට්‌ ලී, ෂෝන් ටේට්‌ සහ මිචෙල් ජොන්සන්) මෙන්ම ආධුනික වුවද පිතිකරණ ලැයිස්‌තුවේ අංක 8 දක්‌වා වූ සියලුම පිතිකරුවන් හොඳින් දක්‍ෂතා දැක්‌වීම මත අද තරගය ශ්‍රී ලංකාවට තියුණු අභියෝගයක්‌ එල්ල වනු ඇත. සිය මව් බිමේදී මෙම තරගය පැවැත්වුවද එතරම් හුරු නොමැති ආර්. ප්‍රේමදාස තණතීරුවේදී පුහුණු තරගයකට සහ එක්‌දින තරග 2 කට සහභාගිවීම හැර ශ්‍රී ලංකාවට බලපාන අමතර වාසිය වන්නේ ප්‍රේක්‍ෂක දිරිගැන්වීම පමණි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට පෙර දෙරට අවස්‌ථා 9 කදී මුණ ගැසී තිබෙන අතර එහිදී වැඩි තරග සංඛ්‍යාවක්‌ (තරග 5 ක්‌) ශ්‍රී ලංකාව ජයගෙන තිබීම කණ්‌ඩායමේ මානසික අතින් අතිරේක වාසියක්‌ වනු ඇත. එමෙන්ම දෙපිළේම නායකයන් පවසන අන්දමට කාසියේ වාසිය තරගයේ තීරණයට බෙහෙවින්ම බලපානුයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගවලද ඉතිහාසය ගෙන බැලීමේදීය. දිවා/රාත්‍රී වශයෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙතෙක්‌ පවත්වා ඇති තරග 75 න් තරග 46 කම ජයග්‍රහණය කර ඇත්තේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්‌ඩායම් වන අතර තරග 23 ක්‌ පමණක්‌ දෙවැනියට පන්දුවට පහර දුන් කණ්‌ඩායම් ජයග්‍රහණය කර ඇත. අදාළ දත්ත කාසියේ වාසිය පිළිබඳව ස්‌ථිර නිඟමණයකට පැමිණීමට ප්‍රමාණවත් වනු ඇත.

එහෙත් කාසියේ වාසිය පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටින ශ්‍රී ලංකා නායකයා, කාසියේ වාසිය එක්‌තරා අන්දමකට වාසියක්‌ වන නමුත්, කණ්‌ඩායමක්‌ ලෙස එන ඕනෑම අභියෝගයකට මුහුණදීමේ හැකියාවක්‌ තිබිය යුතු බව පවසයි. තරගයට පෙර ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී මාධ්‍ය හමුවේ අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායකයා, සමබර ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ අභියෝගයට මුහුණ දීම වෙනුවෙන් තමන් ඇතුලු කණ්‌ඩායම පූර්ව සූදානමකින් මෙන්ම ඉහළ මානසික මට්‌ටමකින් පසුවන බව සඳහන් කළේය.

මෙහිදී අද තරගයේදී ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනාම (මුරලි-හේරත් සහ මෙන්ඩිස්‌) ප්‍රයෝජනයට ගැනීමට බලාපොරොත්තු වන්නේද යන පැනයට පිළිතුරු දුන් සංගක්‌කාර, කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වන සංයුතිය අද උදෑසන තණතීරුව නිරික්‍ෂණය කිරීමෙන් අනතුරුව ගන්නා බව සඳහන් කර සිටියේය.

යම් ලෙසකින් අද තරගයේ ජය ඔස්‌ටේ්‍රලියාව විසින් දිනාගත හොත් එය ඔස්‌ටේ්‍රලියානු නායක රිකී පොන්ටින්ට සුවිශේෂී වනු ඇත. පොන්ටින්ගේ නායකත්වය යටතේ මෙතෙක්‌ එක්‌දින තරග 249 ක්‌ ඔස්‌ටේ්‍රලියාව ජය ගෙන තිබෙන අතර ලොව මෙතෙක්‌ බිහිවූ නායකයන් අතර එක්‌දින තරග 250 ක්‌ ජයගෙන තිබෙන පළමු මෙන්ම එකම නායකයා වීමේ අවස්‌ථාවද එහිදී පොන්ටින්ට හිමිවනු ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ බලාපොරොත්තුව වී සිටින මහේල ජයවර්ධන අද තරගයේදී ලකුණු 48 ක්‌ ලබා ගත හොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ලකුණු 9000 සීමාව ඉක්‌මවා ගිය තෙවැනි පිතිකරුවා වීමේ අවස්‌ථාව ඔහුට උදාවනු ඇත. මහේල මේ වන විට තරග 330 කදී එක්‌දින ලකුණු 8952 ක්‌ ලබා සනත් ජයසුරිය 3362) සහ අරවින්ද ද සිල්වාට(9284) පසුපසින් සිටියි.

මේ අතර අද තරගය පිළිබඳව අදහස්‌ දක්‌වන ඔස්‌ටේ්‍රලියානු නායක රිකී පොන්ටින්, ලෝක කුසලාන තරගාවලි 3 ක්‌ පිට පිටම ජයග්‍රහණය කර තිබුණත් මෙවර තරගාවලියේදී තමන් ඇතුලු කණ්‌ඩායම ගමන් කරනු ලබන්නේ තරගයෙන් තරගයට සැලසුම් සකස්‌ කරමින් බවත් පැවැසීය. මෙහිදී අද තරගයේ තම පිතිකරුවන්ට වැඩිම බලපෑමක්‌ ලසිත් මාලිංගගෙන් එල්ල වන බව පවසන ඔස්‌ටේ්‍රලියානු නායකයා, ආබාධයක්‌ සුවවීමෙන් අනතුරුව නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ සිටින ලසිත් මාලිංග කෙරෙහි තම කණ්‌ඩායම විශේෂ අවධානයක්‌ යොමු කොට තිබෙන බවද සඳහන් කර සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදීම පරාජය කිරීම බෙහෙවින්ම අසීරු කටයුත්තක්‌ බව පවසන හෙතෙම, මෙම තරගය කිසි විටෙකවත් සුලුවෙන් තැකික නොහැකි තරගයක්‌ බවත්, එහිදී තම කණ්‌ඩායමේ උප§මය ලබාදීමට බලපොරොත්තු වන බවත් පැවැසීය.

මේ අතර ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩාමේ කඩුලු රකින ක්‍රීඩක බ්‍රැඩ් හැඩින්ද මීට පෙර අදහස්‌ දක්‌වමින්, ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙවර තරගාවලියේ සිටින අභියෝගාත්මකම කණ්‌ඩායම බව සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - කුමාර් සංගක්‌කාර(නායක), මහේල ජයවර්ධන, ටී. එම්. ඩිල්ෂාන්, උපුල් තරංග, තිලාන් සමරවීර, චාමර සිල්වා, ඇංජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, ලසිත් මාලිංග, මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්‌, නුවන් කුලසේකර, දිල්හාර ප්‍රනාන්දු, චාමර කපුගෙරද.

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම - රිකී පොන්ටින් (නායක), මයිකල් ක්‌ලාක්‌, කලම් µර්ගියුසන්, බ්‍රැඩ් හැඩින්, ජොන් හස්‌ටින්ග්ස්‌, ඩේවිඩ් හසී, මිචෙල් ජොන්සන්, ෙæසන් ක්‍රෙæසා, බ්‍රෙට්‌ ලී, ටිම් පේන්, ස්‌ටීවන් ස්‌මිත්, ෂෝන් ටේට්‌, ෂේන් වොට්‌සන්, කැමරන් වයිට්‌.
  දිවයින ඇසුරිනි

3 comments:

  1. මේ මැච් එක දින්නොත් විතරක් ලෝක කුසලානය ගැන බලාපොරොත්තු තියාගන්න.මේක ගැහුවනම් කප් එක දිනුවා වගේ තමයි.

    ReplyDelete
  2. @ ක්‍රිකටර් - ඇයි මේක පැරදුනොත් අපිට දිනන්න බැරිද. අනේ ගොනෝ

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්