Saturday, December 24, 2011

2013 වසරේදී පාසල් විෂය නිර්දේශ වෙනසක් - ඇමැති බන්දුල ගුණවර්ධන

2013 වසරේ විෂය නිර්දේශයේ සංශෝධනයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 6 ශ්‍රේණිය ද්වීතීයික අංශය සඳහා පෙළ පොත් සියල්ල මෙම වසරේ ලියා අවසන් කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
විෂයානුබද්ධ, ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් හා ග්‍රන්ථකරණයේ අත්දැකීම් පළපුරුදු දැනුම් ඇති පිරිසක් මේ සඳහා දිවා රෑ නොබලා වෙහෙසෙන බවද කී අමාත්‍යවරයා නව පෙළ පොත් ලියා පළකිරීමේ අභියෝගය ලබන වසරේදී ජය ගන්නා බවද අවධාරණය කළේ ය. ශ්‍රී ලාංකීය දූ දරුවන්ට ප්‍රායෝගිකව අභියෝගයන්ට මුහුණ දිය හැකි වෙනස්කම් හා 2013 වසරේ විෂය නිර්දේශය සංශෝධනය කිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්