Friday, December 23, 2011

චන්දිමාල්ට ටෙස්ට් වරම් ලැබෙයිද?


ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ඩර්බන්හි, පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා දිනේෂ් චන්දිමාල් පිතිකරුවෙකු ලෙස ශී‍්‍ර ලංකා පිලට එක් වෙනු ඇතැයි කී‍්‍රඩා විචාරකයන් පවසනවා. දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වන මෙම තරගයට සහභාගී වීමට හැකි වුවහොත් එය චන්දිමාල්ගේ කුළුදුල් ටෙස්ට් තරගය වනු ඇති. මීට එකලොස් වසරකට පෙර ඩර්බන් පිටියේදී ශි‍්‍ර ලංකා පිල සහභාගී වූ බොක්සිං දින ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුණා. ඩර්බන් පිටියේදී ශි‍්‍ර ලංකාව අවසන් වරට කි‍්‍රකට් තරගයකට සහභාගී වූ 2003 ලෝක කුසලාන තරගාවලියේදීයි. දකුණු අපි‍්‍රකාව සමග පැවැති එම තරගයෙන් ශී‍්‍ර ලංකාව ජය හිමි කරගත්තා.  කෙසේ නමුත්, ඩර්බන් පන්දුව ඉපිලෙන වේග පන්දු යවන්නන්ට වාසි දායක තනතිල්ලක් ලෙසයි සැලකෙන්නේ.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්