Tuesday, December 6, 2011

එක්‌ ගුරුවරයකු පමණක්‌ සිටින පාසල් 92 ක්‌ රට පුරා

එක්‌ ගුරුවරයකු පමණක්‌ සිටින පාසල් 92 ක්‌ රට පුරා ඇතැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (05 වැනිදා) පාර්ලිsමේන්තුවේදී කීය.

ගුරුවරුන් දෙදෙනකු සිටින පාසල් 168 ක්‌ද ගුරුවරුන් තිදෙනකු සිටින පාසල් 254 ක්‌ද ඇතැයි කී ඇමැතිවරයා ගුරුවරුන් හතර දෙනකු සිටින පාසල් 375 ක්‌ ඇතැයිද කීය.  ගුරුවරුන් දහයට අඩු පාසල් 1936 ක්‌ ඇතැයිද කී ඇමැතිවරයා ළමයින් පනහට අඩු පාසල් 1552 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයිද කීය.

පළමු ශ්‍රෝණියට එක්‌ දරුවකු හෝ ඉල්ලුම් නොකරන පාසල් 124 ක්‌ වන බවද ළමයින් දහයක්‌වත් ඉල්ලුම් නොකරන පාසල් සංඛ්‍යාව සමස්‌ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 25 ක්‌ බවද අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳ වැය ශිර්ෂ විවාදයේදී ඇමැතිවරයා කීය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්