Thursday, December 8, 2011

මෙන්න අපේ උන්නාසේලා

නවක වධදීමේ සිද්ධීන්වලට වරදකරුවන් වූ අනුරාධපුර භික්‌ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ස්‌වාමීන් වහන්සේලා එකොළොස්‌ නමක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැර ඇති අතර තවත් ශිෂ්‍ය භික්‌ෂුන් විසිහය නමකගේ වසර පහක උපරිමයකට යටත්ව ශිෂ්‍යභාවය අහෝසි කර තිබේ.

පසුගිය මාර්තු මාසයේ ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලාට නවක වධය දීමේ චෝදනාවට ලක්‌වූ මෙම ශිෂ්‍ය භික්‌ෂුන්වහන්සේලා සම්බන්ධයෙන් විනය කමිටුවක්‌ මගින් විනය පරීක්‌ෂණ පවත්වා කරන ලද නිර්දේශ අනුව උන් වහන්සේලාට දඬුවම් කිරීමට පාලක සභාව පියවර ගත්තේය. එම විශ්වවිද්‍යාලයේ දෙවන සහ තෙවැනි වසරවල අධ්‍යාපනය ලබමින් සිටි මෙම භික්‌ෂුන්වහන්සේලා නවක වධය දීමේ සිද්ධීන්වලට සම්බන්ධ වූ බව විනය කමිටුව හමුවේ තහවුරු වී ඇත.

ශිෂ්‍ය භාවය අහෝසි කිරීමේ දඬුවමට ලක්‌වූ ශිෂ්‍ය භික්‌ෂූන් වහන්සේලා තුන් නමකට වසර පහක තහනමක්‌ද සෙසු භික්‌ෂූන්වහන්සේලාට වසර දෙක හා වසර බැගින්ද තහනම පනවා තිබේ.

විනය කමිටුවේ නිර්දේශ මත හා පාලක සභාවේ අනුමැතිය අනුව මෙම දඬුවම් ක්‍රියාත්මක කළ බව විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය තුඹුල්ලේ සීලක්‌ඛන්ද නාහිමියෝ ඊයේ (07 දා) සවස පැවැසූහ.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්