Saturday, December 24, 2011

5 ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු පිටවේ.

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගන්නා කඩඉම් ලකුණු අද (23) අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශයට පත් කළා. ඒ අනුව පිරිමි පාසල් අතරින් කොළඹ රාජකීය විද්‍යාලයේ කඩඉම් ලකුණ 182ක් වන අතර මහනුවර ධර්මරාජ විද්‍යාලය සඳහා ප‍්‍රකාශයට පත් කර ඇති කඩඉම් ලකුණ 180ක්. කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය 178 මට්ටමේ පවතින අතර මහනුවර කිංස්වුඞ් සහ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය ලකුණු 177 මට්ටමේ ද පවතිනවා. බාලිකා පාසල් අතරින් කොළඹ  විශාකා විද්‍යාලයේ කඩඉම් ලකුණ 184ක්. දේවි බාලිකා විද්‍යාලය 180ක් වන අතර මහනුවර මහාමායා විද්‍යාලයේ කඩඉම් ලකුණ 179ක්. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ලකුණු 178ක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයේ කඩඉම් ලකුණ 174ක්. මධ්‍ය මහා විද්‍යාල අතරින් වැඩිම කඩඉම් ලකුණ වන 170 පන්නිපිටිය ධර්මපාල, හොරණ තක්ෂිලා සහ වයඹ රාජකීය විදුහල වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.




2 comments:

  1. නම හරි index no හරි ගහලා ලැබිලා තියන ඉස්කෝලෙ බලාගන්න ලින්ක් එකක් නැද්ද?

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්