Saturday, December 17, 2011

උසස්‌ පෙළ ප්‍රතිඵල සඳුදා - ඇමැති එස්‌. බී. ඇමති කිව්වත් සඳුදාට බෑ-විභාග කොමසාරිස්


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදා (19 දා) නිකුත් කිරීමට පියවර ගන්නේ යෑයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ (16 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අපොස (උ/පෙ) විභාගයේ නව නිර්දේශය හා පැරැණි නිර්දේශය යන දෙකටම පෙනී සිටි සිසුන්ට පොදු වන ඉසෙඩ් ස්‌කොර් ක්‍රමයක්‌ සැකසීමට ගණිත හා සංඛ්‍යාත විශේෂඥයන්ට භාර කළ බවද ඒ අනුව ඔවුන් එවැනි ක්‍රමයක්‌ සකස්‌ කර ඇතැයිද ඇමැති එස්‌. බී. දිසානායක මහතා කීවේය.

ඒ අනුව ලබන සඳුදා වන විට උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කළ හැකි බවද කී ඇමැතිවරයා අලුත් හා පරණ නිර්දේශවලට ඉසෙඩ් ස්‌කෝර් ලකුණු ක්‍රම දෙකක්‌ ලබා දුන්නොත් සංකීර්ණ ප්‍රශ්න ඇති වන බවද කීය.

නව පොදු ක්‍රමය යටතේ ඉසෙඩ් ලකුණු සකස්‌ කරද්දී ශිෂ්‍යයකුට සියයට දශම ගණනක වාසියක්‌ ද තවත් ශිෂ්‍යයකුට සියයට දශම ගණනක අවාසියක්‌ද සිදුවීමට ඉඩ ඇතැයි කී ඇමැතිවරයා එම තත්ත්වය දශම එකකින් අඩුවන පරිදි සකස්‌ කර ඇතැයිද කීය.

එහෙත්
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි අදාළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ලබන සඳුදා දිනයේ ද සිදුකිරීමට නොහැකි වන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවසුවේය.


කෙසේ වෙතත් අදාළ ප්‍රතිඵල පාසල් තුන්වන වාරය අවසන් වීමට පෙර නිකුත් කෙරෙන බව මීට පෙර ප්‍රකාශ වී තිබුණි.


ප්‍රතිඵල නිකුත් කිරීමේ දී යොදා ගැනෙන ඉසෙඩ් ලකුණු ක්‍රමය පිළිබඳ ගැටලුවක් හේතුවෙන් එය ප්‍රමාද වන බව ඉන් අනතුරුව වාර්තා විය.


අදාළ ගැටලුව සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ විභාග දෙපාර්තමේන්තුව අතර පසුගියදා සාකච්ඡාවක් ද පැවැත්විණි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්