Monday, December 20, 2010

අන්තර්ජාලයට ඇබ්බැහි වු යෞවනයන් මානසික පීඩනයට ගොදුරුවීමේ අවදානමක්

දවසේ වැඩි කාලයක් අන්තර්ජාලය භාවිත කරන යෞවනයින් මානසික අවපීඩනයන්ට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බව අධ්‍යනයක් අනාවරණ කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මනෝ දර්ශනය හා මනෝ විද්‍යාව පිළිබද මහාචාර්ය ඥාණදාස පෙරේරා මහතා පැවසුවේ, අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටින යෞවනයින් සමාජීය අන්තර් ක්‍රියාකාරකම්වලට යොමුවීමේ ඇල්ම ද අඩු බවය.

එවැනි යෞවනයන් අන්තර්ජාල භාවිත කරන සෙසු යෞවනයින්ට වඩා මානසික අවපීඩනයට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩි බව ඔහු සඳහන් කළේය.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ,  ඔවුන් මිතුරන් සමග මෙන්ම පවුලේ සෙසු සාමාජිකයින් සමග කාලය ගතකිරීමට කැමැත්තක් නොදක්වන බවය.

තරගකාරි අන්තර් ජාල ක්‍රීඩාවලින් ලබන විඩාව හේතුවෙන් අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටින දරුවන්ද අධික ලෙස  මානසික අවපීඩනයට ලක්වන බව  මහාචාර්ය ඥාණදාස පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

6 comments:

  1. ඒ කියන්නේ කවදාහරි අපිත් මානසික ලෙඩ වලට ගොදුරු වෙයිද මංදා !!!!

    ReplyDelete
  2. මේ වගේ ඒවා දකින අපේ ගෙවල් වල අය කරන්නෙ මේකට බර බරේ දාලා අන්තර්ජාලයට යන්න දෙන්නෙ නැති එක විතරයි. මම නම් හිතන්නෙ නෑ ඊට වඩා මුකුත් වෙනවා කියලා. තමන්ගේ සීමාවෙ ඉදගෙන කරන්න ඕන වැඩ ටික කරානම් ඉවරයි නිකන් පිස්සෙක් වගේ කම්පියුටරය ලගට වෙලා පස්ස පැත්ත රත් කරන්නෙ නැතුව.

    ReplyDelete
  3. මට ඔය ලක්ෂණ තියනවනේ.. මමත් මානසික අවපීඩනයට ලක්වෙලාද එතකොට ? හපෝයි!

    ReplyDelete
  4. මමත් උදේ ඉදන් ‍රැ වෙනකන් කරන්නෙ surfing සහ CS ප්ලෙ කරන එකනෙ

    ReplyDelete
  5. ඕක බොරු මචෝ ,ඕක තම්බියන්ට තියෙන ලෙඩක්

    ReplyDelete
  6. සිරාවටම ඕක ඇත්තක්........................

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්