Thursday, December 30, 2010

නව ඉන්ෆ්ලුවෙන්සා එන්නත හොර පාරෙන් වෙළෙඳ පොළට

නව ඉන්ෆ්ලුවෙන්සා (AH1 භ1) රෝගයෙන් ජනතාව බේරා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ ලබාදුන් එන්නත් රෝහල්වලින් හොර රහසේ පිටකර අලෙවි කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත.
මෙම එක්‌ එන්නතක වටිනාකම ඇමරිකානු ඩොලර් 100 ක්‌ පමණ වන නමුත් මෙරට පැතිර යන නව ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ජනතාව මුදාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් තොගය නොමිලේ ලබාදී ඇත.
ගැබිණි මව්වරුනට සහ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නිධන්ගත රෝගවලින් පෙළෙන්නන්ට නොමිලේ ලබාදීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට සහ රෝහල්වලට අමාත්‍යාංශය විසින් මෙම එන්නත් තොගය බෙදාහැර ඇත.
රජයේ රෝහල්වලට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත බෙදාදුන් මෙම එන්නත පෞද්ගලික ආයතනවලට ලැබී තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටී. එම එන්නත මුදල් දී ලබාගත යුතු නැත.

1 comment:

  1. ල0කාවෙ වෙන්න බෑරි දෙයක් නෑ...නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ...මොනවා කරන්නද???

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්