Thursday, December 23, 2010

එපා එපා එපා අපිට ගනන් එපාපාපා මේ රට මොඩයන්ටද? ආසියාවේ ආශ්චර්යද?

මේ වන විට අ.පො. සා/පෙ විභාගයෙන් ගණිතය අසමත්වන අයට උසස් අධ්‍යාපනය අහිමිවන බැවින් ඉදිරියේදී ගණිතය අසමත් වුවද සෙසු විෂයන් වලින් උසස් අධ්‍යාපනය ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාකියා සිටියේය.
ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති"අධ්‍යාපන ගුණාත්මක භාවය තහවුරු කිරීමේ ජාතික සමුළුව"ට සහභාගී වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

දැනට ගණිතය සමත් වීමේ ප්‍රතිශතය 45-50 % අතර වුවත් මේ 2යි ශත 50හේ ක්‍රියාමාර්ගය නිසා  (සිසුන්ට ගණිතය සමත් වීමට අවශ්‍ය නොවන නිසා ) තව වසර කිහිපයකින් සමත් වීමේ ප්‍රතිශතය 30% ටත් අඩු වීම වැලැක්වීමට හැකිවේද? 
මින් පසුවට රජයේ රැකියා වලටගණිතය සමත් වීම අනිවාර්ය  වේද?
මේකද  ආසියාවේ ආශ්චර්යය ????????????????? 

4 comments:

  1. Okunge molen oita wada deyak hitanna ba, tawa awurudu 5 kin kiyaya, hama wishayama asamath unath, usas pela karathaki kiyala Go harak

    ReplyDelete
  2. ගණිතය අසමත් සිසුන්ට කලා අංශයෙන් උසස් පෙලට ඇතුලු වීමට අවස්තාව දෙනව කියලයි ආරංචි..කරුණු වසන් නොකර හොඳින් සොයාබලා සත්‍ය ප්‍රකාශ කරනවානම් හොඳයි නේද? සිංහලෙන් කියවන්නේ මෝඩයො නෙවේ නෙ..

    ReplyDelete
  3. ඔස්කා මහත්තයෝ,
    ගණිතය අසමත් සිසුන්ට කලා අංශයෙන් උසස් පෙලට ඇතුලු වීමට ඉඩ ලබා දිමෙන් සිදුවන්නනේ කුමක්ද?
    ගණිතය විෂයෙන් සිසු පරපුර තවත් ඈත් වීම නොවේද? මෙතන කිසිම කරැණු වසන් කිරීමක් නොමැත.
    6 සිට 11 දක්වා දැනට ගණිතය විෂයට ඇති අවධානය මෙමගින් අඩු වෙනවා නේද? ගණිතයට ලකුණු 35 ගන්න බැරි අය බුද්ධිමතුන්ද? ඔය විදිහට ගියොත් තව ටික කලකින් සිංහල කියවන්න වෙන්නේ මොඩයින්ටම තමයි.

    ReplyDelete
  4. රටම මෝඩයන් කලාම පාලනය ලේසිනෙ....

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්