ආනයනය කරන ත්‍රීරෝද ඇතුළු මෝටර් රථ වාහන කාණ්ඩ ගණනාවක බදු සංශෝධනය කළ බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පැවසීය. දෙමුහුන් විද්යුත් වාහන, සිලින්ඩර ධාරිතාව 1600ට වඩා අඩු මෝටර් රථ සහ ත්‍රීරෝද රථ යන කාණ්ඩ 3ත් සදහා මෙම බදු සංශෝධන ක්‍රියාත්මකයි.
කලින් දෙමුහුන් මෝටර් රථ සදහා සිලින්ඩර ධාරිතාව නොසලකා 38%ක බද්ධක් අය කෙරුණද දැන් එම සිලින්ඩර ධාරිතාව සලකා සංශෝධනය කර තිබේ.
එය පහත පරිදි වේ.
දෙමුහුන් මෝටර් රථ | පෙර බද්ද | නව බද්ද | ||
38% | 2000ට අඩු | 2001 - 3000 | 3000ට වැඩි | |
50% | 75% | 100% |
මීට අමතරව සිලින්ඩර ධාරිතාව සලකා දෙමුහුන් නොවන මෝටර් රථ සදහා අය කරන බදු ප්‍රමාණයන්ද වැඩිකර තිබේ. එය මෙසේය.
ධාරිතාව | පෙර බද්ද | නව බද්ද |
1000ට අඩු | 95% | 120% |
1001 - 1600 | 119% | 128% |
තවද පෙට්‍රල් සහ ඩීසල් ත්‍රීරෝද රථ සදහා අය කෙරෙන බදු මුදලද වැඩිකොට ඇත. එය පහත පරිදි දැක්විය හැකිය.
ත්‍රීරෝධ රථ | පෙර බද්ද | නව බද්ද |
පෙට්‍රල් | 38% | 50% |
ඩීසල් | 38% | 60% |
ඔය වැඩි විම මෝටර් බයික් වලටත් බලපනවද?
ReplyDelete