Monday, December 10, 2012

ජාතික භාෂා ඇමතුම් මධ්‍යස්‌ථානයක්‌

දැනට දිවයිනේ බොහෝ ආයතනවල ක්‍රියාත්මකවන භාෂා ඇමතුම් මධ්‍යස්‌ථානවලට වඩා උසස්‌ තාක්‍ෂණික හා සන්නිවේදන ක්‍රමෝපායන් අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ රාජ්‍ය තොරතුරු තාක්‍ෂණ නියෝජිතායතනයේ පූර්ණ සහාය ඇති ව ජාතික භාෂා ඇමතුම් මධ්‍යස්‌ථානයක්‌ පසුගිය 28 වැනි දින පිහිටුවනු ලැබී ය. 1956 කෙටි දුරකථන අංකය යටතේ පිහිටවනු ලැබු මේ ජාතික භාෂා මධ්‍යස්‌ථානය පිsළිබඳ අදහස්‌ දැක්‌වු ජාතික භාෂා සමාජ ඒකාබද්ධ හා අමාත්‍ය වායුදේව නානායක්‌කාර මහතා ශ්‍රී ලාංකිකයන්ට දිවයිනේ ඕනෑ ම ප්‍රදේශයකින් කටයුතු කරගැනීමේ දී තම මවු භාෂාවෙන් එම කාර්යයන් ඉටු කර ගැනීමට හැකියාව තිබිය යුතු බැව් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් තහවුරු වී තිබෙන බවත් කිසියම් රාජ්‍ය ආයතනයක දී මවු භාෂාවෙන් කිසියම් කාර්ය කරගැනීමේ දී අපහසුතාවක්‌ හෝ භාෂාමය ගැටලුවක්‌ ඇති වුව හොත් ක්‍ෂණික ඇමතුම් මධ්‍යස්‌ථානය ඇමතීමෙන් ඒ සඳහා කඩිනම් විසඳුමක්‌ ලබාගත හැකි බවත් පවසී ය. භාෂාමය ගැටලු භාෂා අධ්‍යාපනික අවස්‌ථාව සඳහා තෝරතුරු ලබා දීමට අමතරව රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක නො වන අවස්‌ථාවල දී අදාළ පාර්ශ්වයන් සමග කටයුතු කරන මැදිහත්කරුවකු ලෙස මේ ජාතික භාෂා ඇමතුම් මධ්‍යස්‌ථානය ක්‍රියාත්මක වන බව ද ඒ මහතා පැවසී ය.

1 comment:

  1. තවත් මුදල් නාස්ති කරන වැඩක් වගේ...නිකං ඉන්න අැමතිවරුනුත් තමුං ඉන්නවා කියලා පෙන්වන්න එපායැ...

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්