Thursday, December 20, 2012

හෙට ග්‍රහලෝක එක කෙලින් පිහිටන්නේ නෑ


ග්‍රහලෝක සියල්ල හෙට (21) දිනයේදී එකම රේඛාවකට පැමිණෙන බවට පවතින මතය මුළුමනින්ම අසත්‍යයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.
අවුරුදු ගණනාවකට සැරයන්, මෙලෙස ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණෙන බවත්, එහෙත් හෙට (21) දිනයේදී එවැන්නක් සිදුනොවන බවත්, මහාචාර්යවරයා කීය.
මෙයද හෙට (21) දිනයේ ලෝකය විනාශ වන බවට පැතිරූ බොරුමතය සනාථ කිරීම සඳහා ගෙතූ කතාවක් පමණක් බවත්, ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණිවිට ගුරුත්වාකර්ෂණයට හසු වී මහද්වීප කැඩී යන බවට  බොරු මතයක්ද ඔවුන් පළ කර ඇති බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.
එහෙත් එයද සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර චන්ද්‍රයාගෙන් පෘථිවියට ඇතිවන ගුරුත්වාකර්ෂණයෙන්  ලක්ෂයෙන් පංගුවක හෝ බලපෑමක් මෙම ග්‍රහලෝකවලින් සිදු නොවන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා අවධාරණය කළේය.

මේ අතර හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිත කරමින් අධ්‍යනයේ නිරත විද්‍යාඥයින් නව මන්දාකිණි 7ක් හඳුනාගෙන තිබේ.
ඔවුන් පවසන්නේ, මීට වසර බිලියන 13.7 කට පමණ පෙර විශ්වය බිහිවී කෙටි කාලයකින් එම මන්දාකිණිවල සම්බවය සිදු වන්නට ඇති බවය.

මේ අතරින් එකක් දැනට හඳුනා ඇති වයස්ගතම මන්දාකිණිය ලෙස සැලකෙන අතර විශ්වයට වයස අවුරුදු මිලියන 380 පමණ වන විට එය බිහි වන්නට ඇතැයි, අනුමාන කෙරේ.
අධ්‍යනයේ නිරත විද්‍යාඥයින්ගේ මතය වී තිබෙන්නේ, විශ්වය බිහිවීම සඳහා පදනම් වූ බවට සැලකෙන මහා පිපිරුම සිදුවීමෙන් වසර මිලියන 200කට පමණ පසු කාලයේ එනම් අඳුරු යුගයේදී සිදු වූ ක්‍රියාකාරිත්වයන් අධ්‍යනයට නව සොයාගැනීම් ඉවහල් වනු ඇති බවය.

ඒ අතර මෙම දිනවල විශාල ග්‍රහකයක් පෘථිවිය ආසන්නයේ ගමන්කරන බව තාරකා විද්‍යාඥයෝ පවසති.

ටෝටටිස් ලෙස නම් කර ඇති මෙම ග්‍රහයකය පෘථීවියට සමීපව කක්ෂගතවූවක් වන අතර සෑම සිව් වසරකටම වරක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන්නකි.
කෙසේ වෙතත් වසර 400ක් යනතුරු එමඟින් පෘතුවියට තර්ජනයක් නැතැයි, විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මෙවර එය චන්ද්‍රයා සහ පෘථිවිය  අතර පවතින දුර මෙන් 18 ගුණයක් තරම් එනම් කිලෝමීටර් මිලියන 7ක් තරම් පෘථිවියට සමීප වනු ඇති.   

3 comments:

  1. අනේ පව් අර ජෝතිස කාරයො ටිකට එදාවේල නැතිවෙනවා ඕක වුනේ නැති වුනොතාත්..........

    ReplyDelete
  2. පව් ජෝ-තිස්ස කාරයෝ ටික

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්