විභාගවල රහස්‍යභාවය ආරක්‌ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ විධි විධාන යෙදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ CCTV කැමරා පද්ධතිය පුළුල් කර සියලු අංශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලයට කිසිවක් සඟවාගෙන යා නොහැකි අන්දමේ නිල ඇඳුමක් හඳුන්වා දීමටත් පියවර ගැනීමට සැලසුම් කර ඇත.
සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවීමේ සිද්ධියෙන් පසුව මෙම පියවර ගැනෙන අතර ප්‍රශ්න පිට කළ බව කියන රහස්‍ය මුද්‍රණ අංශයේ මංගල මුණසිංහ නමැත්තාගේ වැටුප් නතර කර විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරයකින් තොරව රටින් පිටවීම ද තහනම් කර ඇත.
මේ වන විට වැඩතහනමට ලක්‌ව සිටින ඔහු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සේවයෙන් පහකිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.
විභාගවල රහස්‍යභාවය රැක ගැනීම සඳහා තවත් යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවසීය. රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලය වෙත තබා තිබූ විශ්වාසය කඩවූ හෙයින් මින් ඉදිරියට විශ්වාසය මත නොව නීතිය අනුව කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මේ පැත්ත වගේම අනික් පැත්ත වෙන ප්‍රශ්ණපත්‍ර මිලදී ගත්ත අයගැනත් හොයන්න ගත්තා නං හොදයි කියලා මට හිතෙන්නෙ...
ReplyDeletenice post.
ReplyDeleteT20 World Cup 2020 Fixture
T20 World Cup 2020 Fixture PDF
T20 World Cup 2020 Fixture Download