Friday, June 29, 2012

පකිස්ථානය review ඉල්ලයි

සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ විනිසුරු තීරණ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. පාකිස්ථානු කණ්ඩායමේ කළමනාකාර නවිඞ් චීමා සහ පුහුණුකරු ඬේව් වට්මෝර් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ඬේවිඞ් බුන්ටයි. එහි පිටපතක් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වෙත ද යොමුකර තිබෙනවා. පළමු ටෙස්ට් තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ඉයන් ගෝඞ් සහ ඔස්ටේ‍්‍රලියානු ජාතික ස්ටීව් ඬේවිස් වැරදි තීරණ 10 ත් 12 ත් අතර ප‍්‍රමාණයක් ලබාදී ඇති බව මෙම පැමිණිල්ලේ සඳහන්. මෙම තත්ත්වය තුළ තරගාවලියේ ඉතිරි තරග සඳහා විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක‍්‍රමවේදය අවශ්‍ය බව ද පාකිස්ථානය ඉල්ලීමක් කර තිබෙනවා.


පාකිස්ථානය සමග සෙනසුරාදා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා 15දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද නම් කළේය.
ආබාධයකට ලක්ව සිටි චානක වෙළගෙදර වෙනුවට වේග පන්දුයවන ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබේ.පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අනෙක් සියලු ක්‍රීඩකයින් දෙවැනි තරගයට ඇතුලත්ය.
ඒ අනුව සංචිතය මෙසේය.


01- මහේල ජයවර්ධන (නායක)      
02- ඇන්ජලෝ මැතිව්ස් (උප නායක)
03- කුමාර් සංගක්කාර
04- දිනේෂ් දන්දිමාල්
05- ටී.එම්.ඩිල්ෂාන්
06- නුවන් ප්‍රදීප්
07- දිල්හාර ප්‍රනාන්දු
08- රංගන හේරත්   
09- සුරාජ් රන්දිව්    
10- ජීවන් මෙන්ඩිස්   
11- තිසර පෙරේරා   
12- තිලාන් සමරවීර   
13- තරංග පරණවිතාන
14- නුවන් කුලසේකර
15- ප්‍රසන්න ජයවර්ධන

1 comment:

  1. ඇත්තටම තීරණ සමාලෝචන ක්‍රමය (Decision Review System) අත්‍යාවශ්‍ය දෙයක් හැටියට තමා මම දකින්නේ...මෙම ක්‍රමය සෑම තරඟයටම යොදා ගන්න යෝජනාවක් ආවත් ඉන්දියාව විරුද්ධ වුණා...අනෙක් ප්‍රශ්බය තමා මේ සඳහා යොදා ගන්නා තාක්ශණය ඉතා මිල අධික වීම...

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්