Saturday, March 17, 2012

සචින් 100 ඒවා 100 ක් ගහයි ඒක නිසා දෝ බංග්ලාදේශය ඉන්දියාව පරදයි


ආසියානු කුසලාන තරගාවලියේ තවත් තරගයක් මේ වන විට පැවැත්වෙන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි. මීර්පූර් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 05ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 289ක්. එහිදී ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් අන්තර් ජාතික කි‍්‍රකට් තරගවලදී ශකත 100ක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා වෙමින් ශතකයක් වාර්තා කිරීම ද විශේෂත්වයක්. ඔහු ටෙස්ට් තරගවලදී ශතක 51ක් වාර්තා කරගෙන ඇති අතර, ඊයේ (16) ලබාගත් ශතකයත් සමග ලබාගෙන ඇති එක්දින ශතක සංඛ්‍යාව 49ක් වනවා. 
සචින් ගේ ලකුණු 114 සදහා පන්දු 147 වැය කර තිබෙනවා එම නිසා දෝ තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 05 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 49 පන්දු 02 ක් තුළ කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 293 ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

2 comments:

  1. ගොඩක් කල් ඉදන් ටෙන්ඩුල්කාර්ට තිබුන චෝදනාවක්. ඒකත් ඔප්පු කරලම 100 ඒවා 100ක් ගැහුව. ඒක දුකයි. ඒත් මේ වාර්තාවත් ඉතින් කඩන්න අමාරුම වෙයි. 100 වැඩිම ගාණක් ගහල වැඩිම තරග ගණනක් පරාද වුන එකම හා පළමු ක්‍රීඩකයා කියන නාමයත්..

    ස්තූතියි.

    ReplyDelete
  2. මේක සුද්දටම ගහල ආව නම් තමයි වඩාත් අගේ වැඩි වෙන්නෙ. කොහොමවුණත් කමක් නැහැ සචින් ආසියාවෙ අපිට වටිනව.....

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්