Wednesday, March 7, 2012

කවුද හරි මහේලට දඩ


සී.බී. කුසලානය සදහා  ඕස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර ඇඩිලේඞ් නුවර පැවැති දෙවන අවසන් තරගය කඩුලූ 8කින් ජයග‍්‍රහණය කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියාව පන්දුවාර 50 අවසානයේ කඩුලූ 06 ක් දැවී ලකුණු 271 ක් රැස් කළා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දු වාර 44 යි පන්දු 2 කදී කඩුලූ 02 ක් දැවී ලකුණු 274 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.
ෆර්විස් මහරුෆ් 44 වැනි  ඕවරයේ 5 වැනි පන්දුව පිතිකරුගේ ඉනට ඉහළින් (ෆුල් ටොස් පන්දුව) යැවූ පන්දුවකට ගැසූ හතරේ පහර විනිසුරු හයේ පහරක් ලෙස සටහන් කිරීමෙන් පසුව එය හතරේ පහරක් ලෙස ඩිල්ෂාන් දැන්වීමෙන් පසු නැවත වෙනස් කර නිපන්දුවක් බවට සංඥ කිරීමෙන් පසු මහේල සහ විනිසුරුවන් අතර වාදයක් ඇතිවිය.
නායක මහේල ජයවර්ධනට හිමි වැටුපෙන් 10% ක් අයකරගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

අද පැවති තරගයේදී විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට ලක්කරමින් අත දිගු කොට විවේචනය කිරීම නිසාත්,එය ජාත්‍යන්තර ක්‍රිකට් නීතිවලට අනුව වරදක් නිසාත් මෙම තීරණය ගත් බව තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් නීතියට අනුව විනිසුරුවරයාගේ තීරණය අවාසාන තීරණය බැවින් මහේල ජයවර්ධනගේ ක්‍රියා පිළිවෙත කිසිසේත්ම අනුමත කළ නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.  

 මහේලගේ අදහස
නිපන්දුවක් ලෙස සංඥා කළේ, ටික වේලාවක් ඉදලා ඒකත් ක්ලාක් කිව්වට පස්සේ, නෑ මට වෙන කිසිදු ගැටලුවක් නැහැ. ඒත් ඇයි විනිසුරු නිවරදි තීරණයක් නොගත්තේ, ඉක්මනින් නිපන්දුවක් කියන එක මට ගැටලුවක් නැහැ. ඒත් ඇයි විනිසුරු නිවරදි තීරණයක් නොගත්තේ,  අපිට ගැටලුවක් වෙන්නේ, ක්ලාක් කිව්වට පස්සේ විනිසුරු තීරණය කිරීම. වැරැද්දක් වෙනුවෙන් පමණයි මම කතා කළේ, ඒත් දැන් දඬ නියම වෙලා මට එය ප්‍රශ්නයක් නැහැ. අපිට තරගය දිනන්න හැකි වුණේ, ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 179ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට හැකි වීම හේතුවෙනි. කුමාර් සංගක්කාර තරගය නිම කළා. තරගය ජය ගැනීමේ ගෞරවය කණ්ඩායමක් ලෙස සියල්ලන්ට ලබා දෙන්න මම කැමතියි
විඩියෝව මෙතනින්

10 comments:

  1. විතිශ්චයකරුවන්ද මනුශ්‍යයන්ය. ඒ නිසා ඕනවට වඩා ඇගිලි දික් කිරීම අවශ්‍ය නැත. මහේල විනිසුරුවකු වූයේ නම් 100%ක් නිවරදි තීන්දු දෙතැයි බලාපොරොත්තු විය හැකිද?

    ReplyDelete
  2. @ රාජ් අනේ බූරුවෝ මෙතන තියන ප්‍රශ්නේ විනිසුරුට නිපන්දුවක් කියල හිතුනේ ක්ලාක් කිව්වටම පස්සෙ ද කියන එකයි.

    ReplyDelete
  3. @ රාජ් - තීරණය හරි වැරදි වීම නෙමෙයි ගැටලුව, තීරණය දුන්න විදිහ. batsman ඉල්ලවාම no ball දෙන්නෙ මොන රටේ ද?? උඹ match එක හරියට බැලුවෙ නැත්තං කටයි පු*යි වහගෙන හිටපන් මෝඩ කමෙන්ට් දාන්නෙ නැතුව.

    - ලක්මාල්

    ReplyDelete
  4. sirawatama me raj kiyana eka hena padattaraya u hitan inne u tama keeruma kiyala..danne nati match gana nokiya danna blog ekak liyan hitapan padattarayoo..hamadama suddo apita karanne asadarane ubala wage gotayo inna kota kelin kata karanna puluwan eunuth nati wenawa..

    ReplyDelete
  5. සියළුදෙනාම සංවරව අදහස් දක්වන්න

    ReplyDelete
  6. තරඟ විනිසුරුවරයාට ඇඟිල්ල දුගු කිරීම නිසා මහේලට තම තරඟ මුදල් වලින් 10% ක් ගෙවන්න තරඟ තීරක නියම කරලා තිබුනත් එය නොකෙරෙන පාටක් තමා තියෙන්නේ. මොකද ලංකාවේ Mr. 10% ලා ක්‍රිකට් ආයතනය බංකොලොත් කරලා තියන හින්දා මහේලලගේ පඩි ගෙවාගන්නත් විදිහක් නැති නිසා!

    ReplyDelete
  7. මං අහන්නේ වැරදි කලාව ක්‍රීඩකයෝ විතරද ගෙවන්න ඕනේ. පිටියේ විනය රකින්න ඕනේ ක්‍රීඩකයෝ විතර ද ? විනිසුරුවරුන්ගේ වැරදි වලට ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද ? ඔක්සන්ෆර්ඩ්ට හිතුමතේ තීරණ ගන්න තියෙන අයිතිය මොකක් ද ???

    ReplyDelete
  8. රාජ් බුරුවො උබ ලංකාවෙ නෙමේද?
    නීතිය කුමක් උනත් මහේල කෙලින් කතා කල එකට අපි කැමතියි

    ReplyDelete
  9. මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඇයි මහේල සමාව ඉල්ලුවේ කියන එකයි. මහේල නෙමයි සමාව ගන්න ඕනේ කොන්ද පණ නැති umpires ල දෙන්නා. සාධාරණ හේතුවක් වෙනුවෙන් නේ ගේම ඉල්ලුවේ.

    ReplyDelete
  10. Anonymous ලක්මාල් Anonymous2 දිල්රූ
    එකවිට සිදුවීම් කිහිපයක් සිදුවූ නිසා විනිශ්චයකරුට නිපන්දුව අමතක විය හැකිය. ක්ලාක්ගේ මතක් කිරීමෙන් පසු හෝ එය නිවැරදි කිරීම නොවේද කල යුත්ත.
    මම මැච් එක සහ අදාල සිද්ධිය දෙකම දැක්ක. බූරුවා padattaraya gotayo වගේ වචන ටික උඔලම භාරගනිල්ල. :)

    Chathuranga Perera
    මෙහෙමයි ඕක වෙන්නෙ. විනිශ්චයනරුවන්ට අයි.සී.සී එකෙන් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් වෙනම තියනවනේ. එයාල විනිශ්චයට භාජනය වෙන්නෙ එතනදි. පිටිය මැදදි නෙවේ.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්