Wednesday, March 28, 2012

ටෙස්ට් මැච් එක නොමිලේ බලන්න



ශ්‍රී ලංකා -  එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රවේශ පත්‍රයක අවම මිල රුපියල් 5000ක් බව ඊයේ අනාවරණය විය.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග එසේ පැවසුවත් ගාල්ල ක්‍රීඩාංගණය භාර නිලධාරී ජයනන්ද වර්ණවීර පැවසුවේ සාමාන්‍ය ජනතාවට නොමිලේ තරග නැරඹීමේ පහසුකම් සලසා ඇති බවය.
මෙම තරගය නැරඹීමට නොමිලේ පහසුකම් සලසා ඇත්දැයි අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස පැවසුවේ නොමිලේ තරග නැරඹීමට අවස්ථාව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ඊට අනුබද්ධ ක්‍රිකට් සමාජ හා සංගම් නියෝජිතයින්ට පමණක් බවය.
එහෙත් අප කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ තරගය නොමිලේ නැරඹීම සදහා ක්‍රීඩාංගණයේ වෙනම කලාපයක් වෙන් කර ඇති බවය.
මේ පිළිබදව අප යළිත් වරක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය භාර නිලධාරී ජයනන්ද වර්ණවීරගෙන් විමසීමක් කළේය.
සාමාන්‍ය ජනතාවට මෙම තරග නොමිලේ නැරඹීමේ පහසුකම් සලසා ඇති බවට ජයනන්ද වර්ණවීර එහිදී සහතික විය.

1 comment:

  1. ඔය කියන කලාපය මගේ හිතේ කොටු තාප්පේ උඩ වෙන්න ඇති.හෑබෑයි වර්නවීර මහත්තයට ස්තුති කරන්න ඕන මේවගේ පිච් එකක් හෑදුවට ඇයි දවස් 3න් මෑච් එක ඉවරයිනේ.ලයිට් බිලත් ඉතිරීයි...

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්