Saturday, February 25, 2012

ශ්‍රී ලංකාව පෙරමුනේ හෙට තරගය ඉන්දියාවට තීරනාත්මකයී


තුන්කොන් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 3ක විශිෂ්ට ජයක් හිමිවිය.හොබාර්ට්හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ  ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාර්ක් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඒ අනුව ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 280ක් ලබා ගත්තේය.
අද සිය මංගල එක්දින ශතකය වාර්තා කිරිමට පීටර් ෆොරස්ට් සමත් විය.ඔහු ලකුණු 104ක් ලබා ගත්තේය.මයිකල් ක්ලාර්ක් ලකුණු 72ක් ලබා ගැනීමට සමත් විය.පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේදි කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කිරිමට සමත් විය.දක්ෂ ඉණිමක් ක්‍රීඩා කළ නායක මහේල ජයවර්ධන ලකුණු 85ක් ලබා ගත් අතර යොවුන් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් ලබා ගත්තේය.ශ්‍රී ලංකාව අසීරු අඩියකට වැටී තිබෙන අවස්ථාවේ පිටියට පැමිණි තිසර පෙරේරා පන්දු 11ක් තුළදි නොදැවී ලකුණු 21ක් ලබා ගත්තේය.එහිදී විශිෂ්ට හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා ජය මාවත එළි පෙහෙලි කර දීමට තිසර සමත් විය.ඔහුගේ ලකුණු 21ට හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් ඇතුලත් විය.තරගයේ වීරයා සම්මානය නායක මහේල ජයවර්ධනට හිමිවිය.මේ වනවිට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් විය.              


ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රවේගකාරී ආරම්භයක්‌ ලබාගත් මහේල ජයවර්ධන පන්දු 81 කදී හතරේ පහර 6 ක්‌ සහ දැවැන්ත හයේ පහරක්‌ සමග ලකුණු 85 ක්‌ ලබා සිටියදී අවාසනාවන්ත ලෙස ස්‌ටම්ප් කිරීමට හසුනොවන්නට ශ්‍රී ලංකා ජයග්‍රහණය මීඩ වඩා පහසු එකකක්‌ වීමට ඉඩ තිබිණි. පළමු පන්දුවේ සිටම වේගවත් පිතිහරඹයක්‌ දියත් කළ මහේල ලකුණු 39 ක්‌ ලබා ගන්නා අතරතුර ඩිල්ෂාන් ලබා සිටියේ එක්‌ ලකුණක්‌ වීම විශේෂත්වයකි. පිතිකරණයෙන් සහ නායකත්වයෙන් දැක්‌වූ විශිෂ්ට දක්‍ෂතාව හේතුවෙන් මහේල තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.
තරගාවලිය පුරාවටම සාර්ථක පිතිහරඹයක්‌ දියත් කරමින් සිටින දිනේෂ් චන්දිමාල් ඊයේ තරගයේදීද ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නිරත වෙමින් පන්දු 100 කදී හතරේ පහර 7 ක්‌ සමග ලකුණු 80 ක්‌ ලබා ගැනීමට සමත් විය. එය ඔහුගේ හත්වැනි එක්‌දින අර්ධ ශතකය ලෙස සටහන් වේ. එම ඉනිමත් සමග තරගාවලියේ පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලාභියා බවට චන්දිමාල් මෙම තරගයේදී පත්විය. මේ වන විට චන්දිමාල් තරග 6 කදී ලකුණු 306 ක්‌ ලබා සිටින අතර මෙම තරගාවලියේදී ලකුණු 300 සීමාව ඉක්‌මවා ඇති එකම පිතිකරුවා වන්නේද මෙම යොවුන් ක්‍රීඩකයාය.
 

  කණ්‌ඩායම් තුනටම තවත් තරග දෙක බැගින් ඉතිරිව ඇති අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්‌ථානයේ සිටින ඉන්දියාව අවසන් තරග බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ඉතිරිව ඇති තරග දෙකම ජය ගැනීම අනිවාර්ය වේ. එහිදී ඉන්දියාව තරග දෙකම ජය ගැනීමට සමත් වුවත් ශ්‍රී ලංකාව එක්‌ තරගයක්‌ ජය ගතහොත් ඉන්දියාව අවසන් මහ තරගයෙන් ඉවතට විසිවනු ඇත. හෙට (26 දා) පැවැත්වෙන ඉන්දියාව සහ ඔස්‌ට්‍රේලියාව අතර තරගයේදී ඉන්දියාව පරාජය වුවහොත් ඉන්දියාවට අවසන් මහ තරග අවස්‌ථාව අහිමිව යැමේ වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය වී ඇත.
                                        ප්‍රසාද ලකුණු සටහන


      highlight මෙතනින්

3 comments:

  1. // එහිදී ඉන්දියාව තරග දෙකම ජය ගැනීමට සමත් වුවත් ශ්‍රී ලංකාව එක්‌ තරගයක්‌ ජය ගතහොත් ඉන්දියාව අවසන් මහ තරගයෙන් ඉවතට විසිවනු ඇත//

    නැහැ . ඉන්දියාව 2කම දිනනවාය කියන්නේ ඔවුන් ඕස්ට්‍රේලියාවට් ශ්‍රි ලංකාවත් පහුකරගෙන යනවා , එතනදි ලංකාව එකක් දිනන්න තියන චාන්ස් එක ලංකා-ඕස්ට්‍රේලියා තරඟය , මේක ලංකාව දින්නොත් ඉන්දියාව සහ ලංකාව අවසන් තරඟයට එනවා . ඒ නිසා ඉදිරි දෙකම දින්නොත් ඉන්දියාවට අවසාන තරඟ වලට යන්න බැරි කමක් නැ . නමුත් එක් තරඟයක් පමණක් දිනීමෙන් නම් ඔවුන්ට තියන අවස්ථාව අඩුයි . කොහොමටත් මේ දක්වා ඉන්දියානු කණ්ඩායමේ ක්‍රිඩා විලාශය දැක්කාම ලංකාව හා ඕස්ට්‍රේලියාව තමයි අවසාන තරඟවලට එන්නේ කියල මට හිතෙනවා

    ReplyDelete
  2. ඉන්දියාව මෙදා කනවා ඇප නැති වෙන්න.පට්ට චාටර් ටීම් එකක්නේ.

    ReplyDelete
  3. ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්